කැබිලිත්ත රක්ෂිතයේ දේශපාලන බහිරවයෙක්

246

මොනරාගල වත්තේගම, කැබිලිත්ත රක්ෂිත වනාන්තරයට අයත් වටිනා රජයේ ඉඩම්, ප‍්‍රදේශය නියෝජනය කරන ප‍්‍රකට දේශපාලකයකු විසින් කලක සිට තම පාක්ෂිකයන්ට හා හිතවතුන්ට ලබාදීමක් සිදුවන බවට පරිසරවේදීහු චෝදනා කරති.

ඉකුත්දා කැබිලිත්ත රක්ෂිතයට මෙසේ අනවසරයෙන් ඇතුළු වී වගා කටයුතු කිරීමට බිම් සකසමින් සිටි පුද්ගලයන් 8දෙනකු හා ට‍්‍රැක්ටර් රථ 3ක් වන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රැුගෙන එමින් සිටියදී එහි පැමිණි පිරිසක් වන නිලධාරීන් බලහත්කාරයෙන් රඳවාගෙන සැකකරුවන් හා ට‍්‍රැක්ටර් රථ මුදාගෙන ගොස් තිබිණි. රක්ෂිතයේ වගාකිරීමට අවසරය ලබා දෙන තුරු වන නිලධාරීන් මුදා නොහරින බවට පවසමින් මෙම පිරිස විසින් නිලධාරීන් රඳවා ගැනීමට ලක් කර තිබූ අතර නිලධාරීන් මුදාගෙන තිබුණේ මොනරාගල පොලිසියේ මැදිහත් වීමෙනි. අනතුරුව අදාළ දේශපාලකයාගේ මැදිහත්වීම මත පසුගිය 13 වැනිදා ගම්වැසියන් 600ක පමණ පිරිසක් බලහත්කාරයෙන් රක්ෂිතයට ඇතුළු වී ඉඩම් අල්ලා ගැනීමට සැලසුම් කර තිබියදී පරිසරවේදීන් හා භික්ෂුන් වහන්සේ පිරිසකගේ මැදිහත් වීම මත රක්ෂිතයට පොලිස් හා එස්. ටී. එෆ්. ආරක්ෂාවක් ලැබුණු බව මොනරාගල ප‍්‍රදේශයේ වන නිලධාරියෙක් සඳහන් කළේය. මේ වන විට රක්ෂිතය පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වෙමින් තිබෙන අතර දැනටමත් විවිධ පුද්ගලයන් විසින් කැබිලිත්ත රක්ෂිතයේ අක්කර 12,000 ක් පමණ අල්ලාගෙන ඇති බවට ගණන් බලා ඇත.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment