කැබිලිත්ත රක්ෂිතයේ වගාකර තිබූ අක්කර එකහමාරක ගංජා හේනක් වටලයි

74

ඇතිමලේ පොලීසිය මඟින් යාල ජාතික වනෝද්‍යානයේ කැබිලිත්ත රක්ෂිතයේ ගෝනඇටබුබුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අක්කර එකහමාරක පමණ ගංජා වගාවක් සොයාගෙන ඇත.

එම ගංජා වගාවේ අඩි පහත් හයත් අතර උසැති ගංජා ගස් විසිපන්දහසක් පමණ තිබී ඇත.

පොලිස් නිලධාරීන් යනවිට ගංජා වගාව රැකබලා ගනිමින් සිටි අය පළාගොස් තිබේ.

ගංජා වගාව කපාකොටා පුළුස්සා විනාශ කර ඇත. එසේ විනාශ කරන ලද ගංජාවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ පනහක් පමණ වේ.

ඇතිමලේ පොලිස් ස්ථානාධිපති සංජය ධර්මදාස මහතාගේ මෙහෙයවීම යටතේ උ.පො.ප බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර ඇත.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment