කැරම් බෝඩ් නඩුවේ පළමු සැකකරුට වරෙන්තු

169

ක්‍රීඩා සමාජ අතර බෙදාදීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සතොස හරහා ආනයනය කළ රුපියල් කෝටි 5 කට අධික වටිනාකමක් සහිත දාම් හා කැරම් උපකරණ අවභාවිතය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පවතින නඩුවේ පළවැනි සැකකාර චමින්ද හර්ෂජිත් නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (15 දා) වරෙන්තු නියෝග කළේය.

එම නඩුවේ සෙසු සැකකරුවන් වන හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණය හමුවේ පෙනී සිටි නමුත් පළවැනි සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මහෙස්ත්‍රාත්වරයා එලෙස වරෙන්තු නිකුත් කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment