කැරොලයින්ට සහ චූලාට එරෙහි නඩුව  අගෝ. 22 ඇරැඹේ

98

විවාහක රූ රැජින ලෙස කිරුළ පැළඳී පුෂ්පිකා ද සිල්වා මහත්මියට සුළු තුවාල සිදුකිරීම, බියගැන්වීම හා බලපෑම් කිරීම ඇතුළු චෝදනා යටතේ විවාහක රූ රැජින ලෙස කිරුළ පැළඳි කැරොලයින් ජූරි සහ මෝස්තර නිරූපිකාවක වන චූලා පත්මේන්ද්‍රන් කුමාර පතිරණ යන දෙදෙනාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන අගෝස්තු 22 වැනිදා ආරම්භ කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (30 දා) දින නියම කළේය.

2021.04.04 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ අවසන් තරගයේදී පළමුවන සැකකාරිය විසින් එකී කිරුළ බලහත්කාරයෙන් ආපසු ගැලවීමේදී එකී වැරදි සිදුකර ඇති බවට කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපත් කළ එම පැමිණිල්ලෙන් කියැවිණි. එම සැකකාරියන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් චන්දික ද සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment