කැලණිතිස්ස ඇන හිටී

532

ඉන්ධන සියල්ල අවසන්වීම හමුවේ අද පස්වරු 4.00 සිට කැලණිතිස්ස විදුලි බලාගාරයේ සියලූම විදුලි ජනන යන්ත‍්‍ර අක‍්‍රීය වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාක්ච්ඡුාවේදී කැලණිතිස්ස බලාගාරය කි‍්‍රයාත්මක කිරීම සදහා දින කිහිපයකට ඉන්ධන ඇති බවට ඉංජිනේරුවන් ස`දහන් කරනු ලැබුවද අද පස්වරුව වන විට මෙසේ ඉන්ධන අවසන් වී ඇත.
මෙම තත්ත්වය තුළ කැලණිතිස්ස බලාගාරයෙන් ජාතික පද්ධතියට එක් කෙරුණු මෙගවොට් 200 ධාරිතාවක් අහිමිවීම හේතුවෙන් රට තුළ අනිවාර්යයෙන් විදුලි කප්පාදුවක් කිරිමට සිදුවනු ඇතැයිි විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment