කැලණිතිස්ස බලාගාර 3 ක් නවතී

518

කැලණිතිස්ස පරිශ‍්‍රයේ පිහිටි මෙගාවොට් 300 ක් ජනනය කරන විදුලි බලාගාර තුනක් ඊයේ (19 දා) නතරවීමත් සමග රටේ තැනින් තැන පැය එකයි විනාඩි හතළිස්පහක කාලයක විදුලි කප්පාදු කාණ්ඩ හතරක් යටතේ ආරම්භ කළේය.

කෙසේ වෙතත් මෙම බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව එක`ගව සිටින බවත් නළ මගින් බලාගාරය වෙත ඉන්ධන ලබාදීමට පැය අටක් දහයක් ගතවන බවත් විදුලි ඉංජිනේරුවරු කියා සිටියහ.

බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලැබුණොත් අද (20 දා) සිට ඉදිරි දින කිහිපයක් අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකි වෙතැයි ද ඔවුහු කියා සිටියහ.

කෙසේ වෙතත් කුමන හෝ විදුලි බලාගාරයක හදිසි දෝෂයක් ඇති වුවහොත් විදුලි අර්බුදය දරුණු වීම නැවැත්වීමට විකල්ප බලශක්තියක් රටේ නැතැයිද ඔවුහු කියා සිටිති. මේ වනවිට මෙරට මුළු විදුලි උත්පාදන ධාරිතාව මෙගාවොට් 2650 ක් වන අතර මුළු විදුලි ඉල්ලූම මෙගාවොට් 2630 කි. නොරොච්චෝල ගල්අ`ගුරු

බලාගාරයේ එක් උත්පාදන යන්ත‍්‍රයක අලූත්වැඩියාව නිසා මෙගාවොට් 300 ක්ද කැලණිතිස්ස බලාගාර පරිශ‍්‍රයේ මෙගාවොට් 300 ක්ද වශයෙන් ඊයේ (19 දා* දිනයේ මෙගාවොට් 600 ක් ජාතික විදුලි පද්ධතියට අහිමිව ගොස් තිබිණි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment