කැලණියට ආ ඇල්ල

157

ස්වභාව ධර්මයේ නිර්මාණ අප රට තුළ කොතෙක් තිබුණ ද ඒ පරිසරයේ සුවය විඳීමට අවස්ථාව ඇත්තේ ඉතාම සුළු පිරිසකට පමණි. කන්ද උඩරට ප්‍රදේශයට දුම්රියෙන් ගමන් කරන බොහෝ දෙනකු උමං මාර්ග තුළින් ගමන් කරමින්, මේ පරිසරයේ සුන්දර බව දැක ගැනීමට ඉතාම කැමැත්තක් දක්වති. ඒ වගේම මුහුදු මට්ටමේ සිට අඩි 3415ක් පමණ උසින් පිහිටි සංචාරකයන් බොහෝ ඇල්මක් දක්වන ඇල්ල ප්‍රදේශයට දුම්රියෙන් ගමන් කිරීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වන බව නොරහසකි. අවට වටපිටාව සිරි නරඹමින් උමං මාර්ග තුළින් ගමන් කරන මෙම ගමන ඉතාම සුන්දර මෙන්ම සුවදායී වේ. තමන්ගේ නිවාඩුව නිදහසේ භුක්ති විඳීමට ළමා වැඩිහිටි කොයි කාගේත් ආස්වාදයක් දනවන කාරණයක් නිසා ම ඇල්ල වගේම බණ්ඩාරවෙල ආදී ප්‍රදේශ අප රටේ මෙන්ම සංචාරකයන්ගේ ද අවධානය දිනා ගැනීමට හැකි අයුරින් ආකර්ශනීය ලෙස මෙම සුන්දර බවින් යුක්තව නිර්මාණය කිරීමට එහි ව්‍යාපාරික ප්‍රජාව සමත්වී ඇත.

මේ අටුවා ටීකා ටිප්පනි සමගින් මෙවැනිම වූ ස්වභාව ධර්මයේ දායාදයන්ට නොදෙවෙනි ආකාරයෙන් බස්නාහිර පළාතේ කැලණිය, ගෝනවෙල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ අඩි 60ක් උස දිය ඇල්ලක් මෙන්ම වැව් පොකුණු ආදියෙන් යුක්ත වූ පරිසරයක් නිර්මාණය කිරීමට අපේ මිනිසකු සමත්වී ඇත.

එසේම මෙම ස්ථානයට යන ඕනෑම අයෙකුට පෞරාණික බවින් යුතුවූ දුම්රිය ස්ථානය, උමං මාර්ගය තුළින් ගමන් කරනා දුම්රිය සහ එම දුම්රිය තුළ වාඩි වීමට හැකි අයුරින් සකසා තිබීම කාගෙත් සිත් ප්‍රබෝධයට පත්වන කාරණයකි. තවද පුදුම සහගත ලෙස කාගේත් සිත් ගන්නා අයුරින් පැරැණි වලව්වක ස්වරූපය මැටිවලින් සකසන ලද ගැමි ගෙදර ආදිය මෙහි ඇති නිර්මාණවලට සැබෑ ලෙසම ජීවය දී ඇත. ඉතාම ආකර්ෂණීය ලෙස ස්ථාපිත කර ඇති මෙම සුන්දර පරිසරය රෝයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් නිවාඩු නිකේතනයට සමගාමීව පිහිටා ඇති අතර බොහෝ දෙනෙකුගේ සිතට ගතට විවේකීව ගත කිරීමට මෙම ස්ථානය ඉතාමත් සුවදායී මෙන්ම, සුන්දරත්වයෙන් පිරී ඇති බව මෙහි සුන්දරත්වය අත්විඳින්නෝ දන්නා කාරණයකි.

මෙම සුන්දර ස්ථානයේ නිර්මාණකරුවා ලෙසින් ග්‍රෑන්ඩ් පැරඩයිස් සභාපති ආචාර්ය පියතිස්ස රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙවන් අදහසකි. මම ගොඩක් පරිසරයට ඇලුම් කරන කෙනෙකු හැටියට මගේ හෝටල් පරිශ්‍රය ඇතුළත කාටත් අවැසි අයුරින් මෙවැනි නිර්මාණයන් සිදුකළොත් හොඳයි කියලා හැඟුණා. ඇත්තටම බොහෝ පිරිසකට ලොකු වියදමක් දරාගෙන පිට පළාත්වල ගිහින් නිදහසේ විවේකයක් ගැනීමට අපහසු තත්ත්වයකයි පසුවන්නේ. එම නිසා මෙම ස්ථානය ඉතාම ආකර්ෂණීය වන අයුරින් පැරණි වලව්ව, යාපහුව, සීගිරිය, අම්බලම වගේ නිර්මාණ මෙම ස්ථානය තුළ ස්ථාපිත කරන්න අදහස් කළා යැයි ඒ මහතා පැවසීය. ඒ වගේම අශ්වයෝ, ක්‍රීඩාපිටිය ආදී දේවල් තුළින් කුඩා දරුවන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් මෙන්ම දර්ශන තල රැසක් ද නිර්මාණය කර තිබීමෙන් අංගසම්පූර්ණ විවිධ පරිසර පද්ධතීන්ට අනුකූලව මෙහි ඇති බව මෙහි යන ඕනෑම කෙනෙකුට දැක ගත හැකිය.

විවිධ පරිසර උපයෝගි කර ගනිමින් දේශීය මෙන්ම විදේශීය ආකර්ෂණය දිනා ගැනීමට හැකි අයුරින් මෙම පසුතලය පැරැණි රජ දවස දක්වා දිව යන අයුරු ද මෙහි යන ඕනෑම අයෙකට දැකිය හැකි කාරණයකි. තවද බෝපත් ඇල්ල වැනි ඒ ආකාරයට ම නිර්මාණය වූ දිය ඇල්ලක්ද දැකගත හැකි අතර වැව් පොකුණුවලින්ද සමන්විත වී ඇත. ස්වභාව ධර්මයේ නිර්මාණයන්ට නොදෙවෙනි මෙම නිර්මාණශීලී වටපිටාව දැක ගැනීමට ලැබීමත් සිතට සතුට ගෙන දෙන කාරණයක් බව කිව යුතුමය.

සටහන –
සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment