කැලණිවැලි දුම්රිය පීලි පැනීමෙන් ජනතාව පීඩාවට

86

කොස්ගම දුම්රිය ස්ථානය සහ වග දුම්රිය ස්ථානය අතර දුම්රියක් පීලිපැනීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

කැලණිවැලි දුම්රිය පීලි පැනීමෙන් ජනතාව පීඩාවට

ඊයේ (18 දා) උදෑසන 5.25 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ කර්යාල දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත.

කැලණිවැලි දුම්රිය පීලි පැනීමෙන් ජනතාව පීඩාවට

මේ නිසා දුම්රියෙන් රාජකාරියට යන රජයේ සහ පෞද්ගලික සේවක සේවිකාවන්, මගීන් මෙන්ම පාසල් ළමුන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදු වූ අතර මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් ප්‍රමාද වී ධාවනය සිදු විය. මෙසේ දුම්රිය පීලි පැනීමේ සිද්ධි පසුගිය සමයේ නිතරම වාර්තා වූ අතර එයට හේතුව දුම්රිය මාර්ගය නිසි පරිදි අලුත්වැඩියා නොකිරීම බව මගීහු පවසති.
හඳපාන්ගොඩ – රජිත / ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, පාදුක්ක – නීල් රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment