කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය සමාජ සත්කාරක වැඩසටහන ‘කැලණි සවිය’ට තවත් සිසුන් 55ක් බඳවා ගැනේ

71

ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනකවන ‘කැළණි සවිය’ වැඩසටහනට තවත් සිසුන් 55දෙනෙකු බඳවාගැනීම පසුගියදා සිදු කෙරුණි.

මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු විදුලි කාර්මික පුහුණු පාඨමාලාව කැලණි කේබල්ස් සමාගම හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්ව පවත්වන්නකි. විශ්ව විද්‍යාලීය සහතිකයක් පිරිනමන එකම විදුලි කාර්මික පුහුනු වැඩසටහන වන්නේද මෙම ‘කැළණි සවිය’ වැඩසටහනවන අතර එහි සියලු පිරිවැය කැලණි කේබල්ස් සමාගම විසින් දරනු ඇත. මෙම වසරේදී (2022)දී අවසන්වීමට නියමිතව තිබු ‘කැලණි සවිය’ තවත් පස්වසරකින් දීර්ඝකිරීම හේතුවෙන් මෙම නව සිසු කණ්ඩායම බඳවාගැනීම සිදුවිණි.

වසර 2007දී මෙම ‘කැලණි සවිය’ වැඩසටහන සමාරම්භ කෙරුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය, එස්.බී.එස්. අබේකෝන් හා කැලණි කේබල්ස් සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ, හේමන්ත පෙරේරා අවබෝධාත්මක ගිවිසුමක් අත්සන් කිරීමෙනි. එම පස්වසරක අවබෝධාත්මක ගිවිසුමට අනුව මෙම සමාජ සත්කාරක වැඩසටහන අවසන්වීමට නියමිත වූයේ 2012 වසරේදීය. නමුත් මෙම විශිෂ්ට විදුලි කාර්මික පාඨමාලාව මෙරට යෞවනයන්ගේ අනාගත අභිවෘද්ධියට ලබාදෙන සහයෝගය හා එයින් ඔවුන්ට විවරවන දෙස් විදෙස් රැකියා අවස්ථාවල වටිනාකම කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා විසින් මැනවින්ම හඳුනාගත්තේය. එහි ප්‍රතිපලයක් ලෙස වසර 2012 සිට 2017 දක්වාද, වසර 2017 සිට 2022 දක්වාද, වසර 2022 සිට 2027 දක්වාද තෙවරක්ම දීර්ඝකිරීමට මහින්ද සරණපාල මහතා විසින් පියවර ගත්තේය.

‘කැලණි සවිය’ 11වන සිසු කණ්ඩායම බඳවාගැනීමේ උත්සවයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය හා කැලණි කේබල්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ ජායාරූපයකට පෙනී අවස්ථාව දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment