කැලණි ගඟ සංරක්ෂණයට කෝටි 20ක් වෙන් කිරීමට ඇමැති අමරවීරගෙන් උපදෙස්

134

2022 වසරේ කැලණි ගඟ සංරක්ෂණය ස`දහා රුපියල් කෝටි 20ක් වෙන් කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ඉදිරි වර්ෂය තුළ ක‍්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධව ඉකුත් (21)දා පස්වරුවේ පරිසර අමාත්‍යාංශයේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබාදී තිබේ. ශ‍්‍රී ලංකාවේ ගංගා පද්ධතිය තුළ ගංගා 103ක් තිබේ. ඒ අතරින් දැනට ජලය බරපතල ලෙස දූෂණයට ලක් ව ඇති ගංගාව වන්නේ කැලණි ගඟයි. කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කවල ජනගහනයෙන් සියයට 85කටත් වඩා අවශ්‍ය පානීය ජලය ලබා ගන්නේ කැලණි ගෙඟනි. එහෙත් ගඟ දෙපස පදිංචි ජනතාව මෙන්ම ඒ අවට ඇති කර්මාන්ත ශාලා හා වෙනත් සියලූ ව්‍යාපාරික හා ව්‍යාපාරික නොවන ආයතනවලින් බැහැර කරන මල අපද්‍රව්‍ය ඇතුළු සියලූ අපජලය බැහැර කරනු ලබන්නේ කැලණි ගඟටය.කැලණි ගඟට අපවිත‍්‍ර ද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 1474ක් හඳුනා ගෙන තිබේ.

එමනිසා ලබන වසරේ දී කැලණි

ගෙඟ් ජල සංරක්ෂණයට ප‍්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමට පරිසර අමාත්‍යංශය විසින් සැලසුම් සකස් කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දුන්නේය. ඊට සමගාමීව තවත් ප‍්‍රධාන ගංගා 05ක්වත් සංරක්ෂණයට ප‍්‍රමුඛත්වය ලබා දෙන්නැයිද අමාත්‍යවරයා දැනුම් දුන්නේය. රජය විසින් ලබන වසර සඳහා සුරකිමු ගංගා වැඩ සටහනට රුපියල් කෝටි 200ක මුදලක් වෙන් කර තිබේ. ඉන් රුපියල් කෝටි 20ක් කැලණි ගඟ සංරක්ෂණ ව්‍යාපෘති සඳහා වෙන් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුරකිමු ගංගා වැඩසටහන සම්බන්ධව සම්පූර්ණ විශ්වාසයක් තබා කටයුතු කරන අතර 2022 වසර තුළ ගංගා සංරක්ෂණය සඳහා තවත් අමතර මුල්‍ය ප‍්‍රතිපාදන අවශ්‍ය නම් ඒවා විශේෂ අරමුදලක් යටතේ ලබා දීමට ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment