කැලණි පෙරහැර සිරි අසිරිය

224

මෙවර පැවැති කැලණියේ දුරුතු මහ පෙරහැරේ කණ්ඩුල ඇතා විසින් සධාතුක කරඬුව වැඩම කරපු අවස්ථාව.

පෙරහැර නැරඹීමට විශාල ජනකායක් එක්ව සිටියහ. කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැති පෙරහැරේ බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතාද ගමන් කළ අතර හෙළ නැටුම් වලින්ද එය විචිත්‍රවත් වී තිබිණි. කරඬුව වැඩම කරවූ කණ්ඩුල ඇතා තායි රජයෙන් කැලණි රජමහා විහාරයට ත්‍යාගයක් ලෙස ලැබී තිබේ. දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළේය.

පිංතූරය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment