කැලණි විහාරයේ කපුවකුගේ රන් මාලය කඩාගත් හමුදා සෙබළාගේ කල්ලියේ දෙදෙනෙක් දැලේ

180

මත්කුඩු ලෝලියෙකු වන යුද හමුදාවෙන් පළා ආ සෙබළෙකු සහ ඔහුගේ සහායක මත්ලෝලීන් සිවුදෙනකු එක්ව කැලණි රජමහා විහාරස්ථානයේ දේවාලයක සේවයේ නිරත කපු මහතෙකුගේ හිසට පොල්ලකින් පහරදී ඔහු කර පැළ`ද සිටි වටිනා රන්මාලය කඩාගෙන පළාගොස් සැ`ගව සිටියදී යුද හමුදා සෙබළා සහ එක් සැකකරුවෙකු කැලණිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් 2 වනදා අත්අඩංගුවට ගෙන ඇත.

කැලණිය නාගහමුල ප‍්‍රදේශයේ පිහිටි කපු මහතාගේ නිවසට 24 වනදා උදෑසන 7.00 පමණ ත‍්‍රීරෝද රථයකින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගොස් ඉදිරිපස දොරට තට්ටු කර දොර ඇරීමෙන් පසුව ඔහුගේ හිසට පොලූ‍වලින් පහරදී කර පැළ`ද සිටි වටිනා රන්දම්වැල කඩාගෙන පළා ගොස් ඇත. ප‍්‍රධාන සැකකරු 2019 වසරේ සිට යුද හමුදා සේවයට වාර්තා නොකර සැ`ගව සිටි අයෙක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

කැලණිය පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් පැමිණි ත‍්‍රීරෝද රථය පිලිබඳව පරීක්ෂණ පවත්වා ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගි කර ගනිමින් සැකකරුවන් දෙදෙනා කැලණිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. මත්ලෝලීන් වන සැකකරුවන් පස්දෙනා රාගම ප‍්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයකට රන්මාලය උගස් කර රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ගෙන ඒ මුදලින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඇත.

තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් මෙම පහර දීමෙන් තුවාල ලැබූ කපු මහතා රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබා ඇතැයි වාර්තා වී ඇත.

සැකකරුවන් දෙදෙනා මහර අධිකරණයේ වැඩබලන මහෙස්ත‍්‍රාත් සමන් විතාන මහතා වෙත 3 වනදා ඉදිරිපත් කිරීමෙන් පසු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදින හ`දුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත.

කැලණිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් වල්පොල මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් සංජීව ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුකර ඇත.

කැලණිය මංගලා මදුරප්පෙරුම
 

advertistmentadvertistment
advertistmentadvertistment