කැලිඩෝ වෙරළේ රුසියන් සංචාරකයකුට පහරදී කොල්ලකෑමට තැත් කරලා

538

උතුරු කළුතර කැලිඩෝ වෙරළ තීරයේ සංචාරය කරමින් සිටි රුසියන් ජාතිකයකුට පහරදී මුදල් හා භාණ්ඩ කොල්ලකෑමට තැත් කළ බව කියන පුද්ගලයකු උතුරු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

රුසියන් ජාතික ක්‍රෙස්ටිලවි ස්ටෙෆන් යන අය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ධීවර රැුකියාවේ නියුතු අයකු බව පොලිසිය කියයි.

මොහු කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

උතුරු කළුතර පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර ෆොන්සේකා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගුරුසිංහ යන මහත්වරු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ

advertistmentadvertistment
advertistmentadvertistment