කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ලැව් ගින්නකින් කඳුකර නගරයක් ගිනිබත් වේ

562

අධික උෂ්ණත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ හටගත් දරුණු ලැව් ගින්නකින් ප‍්‍රාන්තයේ පිහිටි කුඩා කඳුකර නගරයක් වන ‘ග‍්‍රීන්ස්විල්’ නගරය මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ. මෙසේ ලැව් ගිනි හේතුවෙන් විනාශ වූ නගරයේ පිහිටා තිබූ ශත වර්ෂයකට වඩා පැරණි දැවවලින් නිර්මාණය කරන ලද ගොඩනැගිලි රැුසක් ඇතුළු ස්ථාන විශාල සංඛ්‍යාවක් මොහොතකින් ගිනිබත් වී ගොස් ඇත.

 ලැව් ගින්න හේතුවෙන් නගරවාසීන්ට සිය නිවාස මෙන්ම ව්‍යාපාරික ස්ථාන ද අහිමි වී ගොස් තිබේ. විනාශ වී ගිය නගරයේ වැසියන් බොහෝ දෙනකු මෙම ලැව් ගින්න පිළිබඳව සිදු කෙරුණු පූර්ව අනතුරු ඇඟවීමත් සමගම සති එකහමාරකට පමණ පෙර නගරයෙන් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා රැුගෙන ගොස් තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment