කැලිෆෝර්නියාවේ ලැව් ගිනි වලින් ලොව උසම ගස බේරා ගැනීමේ මෙහෙයුමක්

439

කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ දරුණු ලෙස ඇවිලෙමින් පවතින ලැව් ගිනි ලෝක ප‍්‍රකට ‘සික්වෝවියා’ ජාතික උද්‍යානයේ තිබෙන පැරණි ලොව උසම ගස් වර්ග වෙත ළඟා වීම වැළැක්වීම සඳහා එම ගස් ආවරණය වන සේ විශේෂිත ගින්දරට ඔරොත්තු දෙන බ්ලැන්කට් පහක් එතීමට ලැව් ගිනි නිවීමේ කාර්යයෙහි නිරතව සිටින ගිනි නිවන හමුදා භටයන් විසින් පියවර ගෙන තිබේ.

 කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ ඇවිලෙමින් පවතින ලැව් ගිනි අදාළ ගස් වෙත ළඟා වීමට පැය කිහිපයක් පමණ තිබියදී ගිනි නිවන හමුදා භටයන් විසින් මෙම පියවර ගෙන තිබේ.‘සික්වෝවියා’ ජාතික උද්‍යානයට අයත් දැවැන්ත වනාන්තරයේ දුර්ලභ උසැති ගස් වර්ග 2000ක් පමණ පවතින අතර ඒ අතර ලොව දැනට පවතින උසම ගස සේ සැළකෙන අඩි 275ක් උසැති, වසර 2500 ක් පමණ පැරණි ‘ෂර්මන්’ ගසද වේ. ‘කොලනි’ හා ‘පැරඩයිස්‘ නමැති ලැව් ගිනි කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ සතියක් මුළුල්ලේ ඇවිලෙමින් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment