කැස්බෑ මළ සිරුරු ගොඩගැසීමට හේතු හඳුනාගනී

239

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් හටගත් ගින්නෙන් කොළඹ වරාය ආශ‍්‍රිත මුහුදු තීරයට විශාල පරිසර හානියක් සිදුවීම තුළින් එය මුහුදු ජීවීන්ට අහිතකර ලෙස බලපා ඇති බවට රජයේ රස පරීක්‍ෂක නිලධාරීන් සහ පශු වෛiවරුන් විසින් සිදුකළ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.
 
 මේ වනවිට කොළඹ වරාය අවට මුහුදු තීරයට මියගිය කැස්බෑවන් සහ ඩොල්ෆින් මසුන්ගේ සිරුරු විශාල වශයෙන් ගොඩගසා ඇත්තේ මෙම බලපෑම නිසා බව ද එම පරීක්‍ෂණ මගින් හෙළිවී තිබේ. මෙම මළසිරුරු බොහෝ සේ නරක් වී තිබීමට බලපා ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි යන්න පිළිබඳව රජයේ රසපරීක්‍ෂක නිලධාරීන් මේ වන විට වැඩිදුර පරීක්‍ෂණ සිදු කරගෙන යන බව වාර්තා වේ.
 
 වාරකන් කාලයට මේ තරම් විශාල ලෙස කැස්බෑවන්ගේ හෝ ඩොල්ෆින් මසුන්ගේ මළ සිරුරු ගොඩගසා නැති බවට පශු වෛiවරු පවසති.
 
 නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment