කෑගල්ලේදී අපටත් හූ කිව්වා – හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර

317

පක්‍ෂ පාට නැතුව පාරට බහින්න

කෑගල්ල නගරයේ පෙළපාලියක ගමන් ගත් හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍රනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට කෑගල්ල නගරයේ වෙනම උද්ඝෝෂණයක නිරත වෙමින් සිටි පිරිසක් හූ කියමින් ඇයව පලවා හැරීමට පියවර ගෙන තිබේ.

සමගි වනිතා බලවේගයේ ‘මව්වරුන්ගේ අරගලය’ පෙළපාලියේ යමින් සිටියදී හිටපු මන්තී‍්‍රවරිය ඇතුළු පිරිසට හූ කියමින් කෑගල්ලේ තරුණ පිරිස මෙලෙස දැඩි විරෝධතාව එල්ල කර ඇත.

මේ සම්බන්ධයෙන් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය සමාජ ජාලා හරහා එම සිද්ධිය පිළිබඳ විස්තර කළේ මෙලෙසිනි.

කෑගල්ලේ ටවුන් එකේ ඉඳන් පාගමනේ ආවා. උද්ඝෝෂණයකුත් තිබ්බා. උද්ඝෝෂණයේ හිටපු පිරිසක් අපට ඇත්තටම හූ කියන්න ගත්තා. අපට හූ කිව්වේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට වැඩකරපු පිරිසක්. අපි සමගි කාන්තා සංවිධානයේ ‘මව්වරුන්ගේ අරගලය’ පාගමන ඊයේ (4 දා* කෑගල්ල නගරයේදී කළේ. අපි ගියේ පෙළපාලියක් ඒ අය කෑගල්ල නගරයේ වෙනම උද්ඝෝෂණයක් කරමින් හිටියේ. අපි දැක්කට පස්සේ ඒ අය අපට හූ කිව්වා.

දේශපාලනයෙන් තොර නායකයෙක් ගේනවනම් ඔයාලා ගේන්න. මේ වෙලාවේ පොදු හතුරා රාජපක්‍ෂලයි. මේ රාජපක්‍ෂ පවුල තමයි පොදු සතුරා. මේ පොදු සතුරට එරෙහිව හඬ නඟන්න. නැතිනම් නිහඬව ඉන්න. අපි කියන්නේ දේශපාලන පක්‍ෂයක් නැතුව එළියට බහින්න. ජනාධිපති නිවස අසලට ගිය අප කාටත් අවශ්‍ය වුණේ මේ විරෝධය පළ කරන්නයි. මැතිවරණයකදී තමන් කැමති පක්‍ෂයට ඡුන්දය දෙන්න. උද්ඝෝෂණයෙන් පස්සේ මම කොළඹ ආවා. අපේ පෙළපාලියට ආපු මව්වරුන්ට කුණුහරුපයෙන් බැන්න එක වැරදියි. ඒ අම්මලා බස්වල යන්න යද්දී ඒ අයටත් කුණුහරුපයෙන් බැණලා. මම නම් වාහනේ නැඟලා කොළඹ ආවා.

ශිරාන් රණසිංහ, එම්. බී. පහලවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment