කෑගල්ල රෝහලේ විස්මිත සැත්කමකින් පපුව පසාරු වන්නට ඇනුණු කිරි පිහිය ඉවත් කරයි

761

කෑගල්ල මහ රෝහලට 10 වන දින 58 වියැති කාන්තාවක් කිරි පිහියක් මතට වැටීමෙන් ශරිරයේ  ඇනී තිබියදී ඇතුලත් කර ඇති අතර ඇය වහාම ශෛල්‍යගාරය වෙත ගෙන ගිය පසු කෑගල්ල රෝහලේ ප‍්‍රධාන ශල්‍ය විශේෂඥ වෛද්‍ය ආනන්ද කුමාර ජයවර්ධන මහතා ඇතුලූ වෛද්‍යවරුන් විසින් ඉතා සුපරීක්ෂාකාරීව කරන ලද සැත්කමකින් පසු කිරිපිහිය ඉවතට ගෙන ඇත.

මෙම කරන ලද විශ්මිත ශෛල්‍ය කර්මයෙන් පසු විශේෂාංග වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා මෙසේ මාධ්‍යයට අදහස් දැක්වීය. ‘‘58 හැවිරිදි කාන්තාවක් ඇගේ ශරීරයේ දකුණු පසින් ඇතුලූ වූ කිරිපිහියක් සමග රෝහලේ ශෛල්‍යගාරය වෙත ඇතුල් කර තිබූ නිසා එය ඉවත් කරලීමට කටයුතු කළා. මෙම කාන්තාවගේ දකුණු පසින් කිරිකැපීමට ගන්නා තියුණු ආයුධයක් වන කිරි පිහිය ශරීරයට ඇතුල්වී තිබූණා. එම කිරි පිහිය ශරිරයට ඇතුල් වෙලා උදර කුහරය උරස් කුහරයේ වෙන් කරන මහා ප‍්‍රාචීරය සිදුරු කරගෙන පපුවේ දෙතන මැදට ගමන් කර තිබුණා. මෙතනදී ඇත්තෙන්ම උදරයේ තිබෙන අවයව වන අක්මාව

ඒවගේම වකුගඩු සහ මහාතන්තරයට හානි සිදුවී නැහැ. නමුත් ඉල ඇට කිපයක් බිඳී තිබුණා. එ් එක්කම ලේ ගැලීමක් සිදුවී තිබෙනවා.

මෙම කාන්තාවට ඉතාමත්ම සාර්ථක සැත්කමක් කරලා එම පිහිය ඉවත් කළා. මෙම සිද්ධියෙන් ඇත්තටම දිය යුතු පණිවුඩය නම් මෙවැනි තත්වයක් ඇති වූ විට එම ඇණුන ද්‍රව්‍ය ඉවත් කරන්න උත්සාහ කරන්න එපා. විශේෂයන් කළ යුත්තේ එම ඇණුන ආයුධය සමගම ළඟම රෝහලට ගෙන යෑම බවද පැවසීය.

කෑගල්ල – එම්.බී. පහලවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment