කෑගල්ල සහ මාවනැල්ලේ පිරවුම්හල්වල බලය පොහොට්ටු මැරයෝ අතට ගනිති

222

* අක්‍රමිකතාව වාර්තා කරන්න ගිය  මාධ්‍යවේදීන්ටත් මැර ප්‍රහාරයක්

කෑගල්ල, මාවනැල්ල සමහර ඉන්ධන හල්වල පාලනය පොහොට්ටුවට සම්බන්ධ මැරයන් විසින් කරන බැවින් දිගු පෝලිම්වල සිටින  පාරිභෝගිකයන් මහත් අපහසුතාවකට පත්ව ඇති අතර මාවනැල්ල බෙලිගම්මන පිහිටි ඉන්ධනහලේ ඉකුත් 18 වැනිදා රාත්‍රියේ පැවැති නොසන්සුන්තාව වාර්තා කිරීමට ගිය මාවනැල්ල සිරස, සහ දෙරණ මාධ්‍යවේදින්ට මැරයන් විසින් පහරදී කැමරාවලටද අලාභහානි කර ඇත.

මෙම දෙදෙනාගෙන් එක් අයෙකු වන ප්‍රදීප් බණ්ඩාර මහතා බරපතළ තුවාල ලබා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඉන්ධන බවුසරය පැමිණි පසු මෙම මැර කණ්ඩායම් පැමිණ එහි බලය අත්පත් කරගෙන පෝලිමේ සිටින අයට පෙර ඔවුන්ගේ යතුරුපැදිවලට අවශ්‍ය තරම් තෙල් ලබාගෙන, අපේ ගමේ ආණ්ඩුවට ඡන්දය දුන් අයට එන්න කියා ඔවුන්ට තෙල් ලබා දෙන බවත්, පසුව ඔවුන් ඉන්ධන ගෙන යනවාද දක්නට ලැබිණි.

ඔවුන් ඉන්ධන ලබාගත් පසු පෝලිමේ සිටින අයට තෙල් නිකුත් කරන අතර යතුරුපැදියකට නියමිත තෙල් ලබාගත් පසු සම්පූර්ණ ටැංකිය පුරවා ගැනීමට නම් ඉන්ධන මුදලට වඩා රුපියල් 300 ක් පොම්පකරුට ලබාදිය යුතුය.

මෙම අවස්ථාවල පොලිසිය, යුද හමුදා නිලධාරින්ද ඉන්ධන හල්වල සිටියද ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැති බවද පැවසේ.

කෑගල්ල – එම්. බී. පහළවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment