කෑන්වලට තෙල් දීම දින 3කට නවතී

149

මේ වන විට රටේ ඉල්ලුම සපුරාලීමට තරම් ඉන්ධන සංස්ථාව සතුව තිබෙන නිසා පෝලිම් නොගැසී සාමාන්‍ය පරිදි ඉන්ධන මිලදී ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථා (සිපෙට්කෝ) සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා “දිවයින”ට පැවසීය.

ඒ අනුව බූලි, කෑන් හා බෝතල් ආදියට ඉන්ධන ලබාදීම අද (12 දා) සිට දින තුනක කාලයකට සම්පූර්ණයෙන් නතර කරන ලෙස සියලුම ඉන්ධනහල්වලට උපදෙස් ලබාදුන් බවද ඒ මහතා කීය. මෙය දින තුනකට පමණක් නොව දිගටම ක්‍රියාත්මක කරන බවද කීය. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් නැතැයි ඇතැම් පිරිස් බොරු ප්‍රචාර ගෙනයන බවත් ඒවාට නොරැවටෙන ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඇතැම් අවස්ථාවලදී යම් යම් ඉන්ධනහල්වල පෙට්‍රල්, ඩීසල් අවසන්ව තිබිය හැකි මුත් ඒ පිළිබඳ සිතා පෝලිම් ගැසී වාහනවලට වැඩිපුර ඉන්ධන ලබා නොගන්නා ලෙසද සභාපතිවරයා ඉල්ලා සිටී. අවුරුදු දිනවල අඛණ්ඩව විදුලිබලය සැපයීම සඳහා තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාදී ඇතැයිද සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment