කෑම රුචිය වඩවන බෝතලය දැක කලන්තෙ හැදිලා – හත්වලාමයි

751

ලූකස් සහ මාකස් ගජ මිතුරන් ය. දෙදෙනා වැඩ කරන්නේ කොළඹ ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික ආයතනයකය. අලෙවි ක්‍ෂේත‍්‍රයේ රැුකියාවේ නිරත මිතුරන් දෙදෙනා කන්නේ ද බොන්නේද එකටය. මිතුරු සාජ්ජයකදී වුවද දෙදෙනා යන්නේ එකටය.

 ඉකුත් පොහොය දිනය දා ලූකස්ට මිතුරෙක් ඇමතුමක් දුන්නේ ඔය අතරය. හෝටල් හිමි ඒ මිතුරා ධනවත් ව්‍යාපාරිකයෙකි.

 ‘‘මචන් කොහොමද සැප සනීප’’ එතැනින් පටන් ගත් ඇමතුම විනාඩි විස්සක් තිහක් පුරා ගලා ගියේ ආගිය තොරතුරු බෙදාහදා ගනිමිනි.

 ‘‘මචන් අද පෝය. මේ දවස්වල කෑමට පි‍්‍රයක් නෑ මචන්’’ මධුවිතට ලොල් ලූකස් දුරකථන ඇමතුම මැද වාක්‍යයක් දමා බැලූවේ මත්පැන් බෝතලයක් නොමිලේ ලබා ගැනීමේ පැතුමෙනි.

 ‘‘ආ මචන්, මම මරු බෝතලයක් එවන්නම්. ඉන්දියාවේ ඉඳන් එනකොට ගෙනාවේ.’’

 ඒ දුන් පොරොන්දුවට අනුව පාර්සලයක දවටා බෝතලයක් ලූකස්ගේ නිවසට ගෙන ආවේ රියැදුරෙකුය.

 ‘‘ලූකස්’ මාකස්ට ඇමතුමක් දී බෝතලය ගැන කීවේ හවස සෙට්වෙමු’’ කියමිනි.

 මාකස් සිය තරුණ බිරිඳ හා එක් වී මස් ද, මාළුද සමඟ කටගැස්මක් හැදුවේ රාත‍්‍රි කෑම මේසයක් ද පිළියෙල කරමිනි. ලූකස් මාකස්ගේ නිවසට ගියේ සතුටිනි.

 වීදුරු, හැඳි, ගෑරුප්පු හා දීසි කිහිපයක් ද මේසයට ගෙන ආවේ මාකස්ගේ තරුණ බිරින්දෑය.

 අපූරු දවටනය ගලවා බෝතලය එළියට ගත්තේ ලූකස් ය.

 ‘‘මොකක්ද බන් මේ. ලූකස්ටත් මාකස්ටත් තරු පෙනිණි. මිතුරා දී ඇත්තේ කෑම රුචිය වඩවන ආයුර්වේද දියරයක් සහිත බෝතලයකි.

 අපරාදේ මගෙ සල්ලි මාකස්ට කලන්තෙ හැදී බිම දිගා විය.

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment