කිතුල්ගහෙන් වැටුණු පුද්ගලයාගේ පපුව හරහා ඇල්බීසියා ලීයක් යයි – බදුල්ල රෝහලේ වෛද්‍යවරු ලීය ඉවත් කරති

583

කිතුල් පැණි සහ කිතුල් හකුරු නිපදවීම සිය ජීවන මාර්ගය කර ගත් මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ගොවි මහතකු ඊයේ (19 දා) පාන්දර පය ලිස්සා උස කිතුල් ගසකින් ඇද වැටීමේදී පපුව හරහා ඇල්බීසියා ලීයක් ඇනී බරපතළ තත්ත්වයෙන් මීගහකිවුල රෝහලට ඇතුළත් කර අතර එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ඌව පළාත් මහ රෝහලට මාරු කර යවා බේ.

රෝගියාගේ දකුණු පැත්තෙන් ඇතුළු වී ඇති ලීය පපුව මැදින් එළියට විත් නැවැතත් වම්පසට ඇතුළුව වම් බාහුව හරහා ගොස් එළියට පැමිණ තිබුණු බව හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවැසීය.

ශල්‍ය වෛද්‍ය පියල් කුලකුලසූරිය මහතා ඇතුළු වෛද්‍ය කාර්යමණ්ඩලය මහත් වෙහෙසක් දරා ඇනී තිබූ ලීය රෝගියාට වේදනාව අඩු කර ඉවත් කිරීමට සමත් වී ඇත. රෝගියා වැඩිදුරටත් ප්‍රතිකාර ලබයි.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment