කින්නියා කලපුවේ පාලම් පාරුව පෙරළී මරණ 6 ක් 17 ක් රෝහලේ

579

මියගිය අයගෙන් 4 ක්ම දරුවෝ තවත් 4 කට ආසාධ්‍යයි

ත‍්‍රිකුණාමලය කින්නියා කුරුන්ජන්කර්නි කලපුවේ ඊයේ (23දා) උදෑසන යාත‍්‍රාකරමින් තිබූ පාලම්පාරුවක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවන් සිව්දෙනෙකු ඇතුළු හය දෙනෙකු මියගොස් 17 දෙනකු රෝහල් ගත කර ඇත.

රෝහල් ගත කළ සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.

මෙසේ මියගිය අය අතර අවුරුදු 3 – 8 ත් වයසේ පසුවන දරුවන් සිව් දෙනෙකුද 78 හැවිරිදි පුද්ගලයෙකු සහ 38 හැවිරිදි කාන්තාවකද සිටින බව පොලිසිය පවසයි.

මියගිය කාන්තාවගේ දරුවන් දෙදෙනාද අනතුරින් මුරුමුවට පත්ව ඇතැයි හඳුනාගෙන ඇත.

මෙම පාලම්පාරුවට යොදා තිබු බැරල් දිරා යෑම, පාලම් පාරුවට දැරිය නොහැකි තරම් පිරිසක් එහි ගමන් කිරීමත් සමග එය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් ඇති බව පොලිසිය පවසයි.

එමෙන්ම කලපුව හරහා පාලම්පාරුව එහා මෙහා යාත‍්‍රා කිරීමට යොදා තිබූ කේබල් කැඞී යෑමත් මෙම අනතුර සිදුවීමට හේතුවක් වී ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

පාලම හැදීම ප‍්‍රමාද කළැයි මන්ත‍්‍රී තවුෆික්ගේ නිවසට ප‍්‍රහාර

කින්නියා කලපුවේ පාලම් පාරුව පෙරළී මරණ 6 ක් 17 ක් රෝහලේ

මෙම අනතුරින් රෝහල් ගත කළ පිරිස අතර වැඩි ප‍්‍රමාණයක් උදෑසන පාසල් යමින් සිටි දරුවන් බව පොලිසිය පවසයි.

කින්නියා කුරුන්ජන්කර්නි කලපුව හරහා ඇති පාලමේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජනතාවට කලපුව තරණය කිරීම සඳහා මෙම පාලම් පාරුව යොදවා තිබිණි.

කාලයක් තිස්සේ මෙම පාලමේ අලූත්වැඩියා කටයුතු අවසන් නොකිරීම නිසා ප‍්‍රදේශවාසීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.

කලපුව තරණය කිරීම සඳහා බැරල් යොදා සකස් කළ පාලම්පාරුවක් යොදා තිබු අතර එය ඉතාම අබලන් තත්ත්වයේ පැවතිණි.

ඊයේ උදෑසන 7.30ට පමණ කුරුන්ජන්කර්නි ප‍්‍රදේශයේ සිට පුද්ගලයන් විසිපහකට (25කට) ආසන්න පිරිසක් රැුගත් පාලම්පාරුව කලපුව හරහා යාත‍්‍රාකරමින් තිබියදී එය එකවරම පෙරළී ගොස් ඇත.

කින්නියා කලපුවේ පාලම් පාරුව පෙරළී මරණ 6 ක් 17 ක් රෝහලේ

පසුව ප‍්‍රදේශවාසීන් දැඩි වෙහෙසක් දරා දියේ ගිලී සිටි පිරිස බේරාගෙන කින්නියා රෝහලට ගෙන යෑමට කටයුතු කර තිබේ.

කින්නියා පොලිසිය සහ නාවික හමුදාවේ ජීවිතාරක්‍ෂක බලකායේ කණ්ඩායම් 8ක් ද ඒ අවස්ථාවේ එහි පැමිණ අනතුරට ලක්වූවන් බේරා ගැනීමට කටයුතු කළහ.

පුද්ගලයන් පිරිසක් දියේ ගිලී අතුරුදන් වූ බවට ලැබුණු තොරතුරු මත කිමිදුම්කරුවන් යොදා ඔවුන් සෙවීමට නාවික හමුදාව ඊයේ දහවල් වනතුරුම දැඩි උත්සාහයක නිරත විය.

බැරල් යොදා පාරුව හදලා

කින්නියා කලපුවේ පාලම් පාරුව පෙරළී මරණ 6 ක් 17 ක් රෝහලේ

කින්නියා කුරුන්ජන්කර්නි කලපුව හරහා ඇති පාලම අලූත්වැඩියා කර දෙන ලෙස ප‍්‍රදේශවාසීන් කාලයක් තිසේසේ ඉල්ලා සිටියද එහි අලූත්වැඩියා කටයුතු ඉතාම මන්දගාමී අන්දමට සිදු කෙරිණි.

පාලමේ අලූත්වැඩියා කටයුතු කඩිනමින් නිම නොකිරීම නිසා මෙම ඛේදවාචකය සිදුවූ බවට ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම අනතුර නිසා ශෝකයට පත් ජනතාව කින්නියා නගරයට රැුස්වී ටයර් පුලූස්සමින් බලධාරීන්ට සිය විරෝධය පළ කර සිටියහ.

කින්නියා නගරයේ ඇතිවී තිබු උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එහි කැඳවීමට සිදුවූ බව උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

ඡායාරූප – සමන් මල්ලවආරච්චි
හේමන්ත රන්දුණු – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment