කියන ඕනෑම වෙලාවක උත්තර පත්‍ර බලන්න සරසවි ඇදුරෝ සූදානමින්

68

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය ඉල්ලීම් ගැන නොසිතා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන ඕනෑම අවස්ථාවක උසස් පෙළ උත්තර පත්‍ර බැලීමට සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් සූදානම් කරගෙන උසස් පෙළ උත්තර පත්‍ර බැලීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන ඕනෑම මොහොතක සරසවි ආචාර්යවරුන් එම කාර්යයට එක්වීමට තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය.

සරසවි ආචාර්යවරු උ/පෙළ උත්තර පත්‍ර බැලීම වර්ජනයකට යොමු වූයේ තම වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් වශයෙන් බවද එහෙත් මේ මොහොතේ එම ඉල්ලීම් අමතක කර උ/පෙළ උත්තර පත්‍ර බැලීමට සරසවි ආචාර්යවරුන් සූදානම්ව සිටින බවත් මහාචාර්ය බන්නැහැක තවදුරටත් ‘දිවයින’ට කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment