කියන තරම් විදුලිය පාඩු නෑ: වැඩි කරන්න දෙන්නෙත් නෑ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

130

විදුලිය සඳහා සිදුවෙන පාඩු පිළිබඳව සමහරු ඔය කියන කතා අමූලික බොරු යැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (7දා) පැවැසීය.

“මේ උදවිය ඔය ආකාරයට කතා කියමින් ඉන්ධනවලින් පවා ලාභ ඉපයුවා” යැයිද හෙතෙම කීවේය.

විදුලිබිල වැඩිකිරීමට ගත් තීරණයට එරෙහිව තමා කෙලින්ම දැඩිලෙස විරෝධය පළකිරීම නිසා ශ්‍රී ලංකාවේ පමණක් නොව පිටරට රටවල් කීපයක ම ශ්‍රී ලාංකික ප්‍රජාව අතරත් තමා ප්‍රසිද්ධියට පත්වී ඇතැයි ද ජනක රත්නායක මහතා කීවේය.

මාධ්‍ය අතර ප්‍රසිද්ධිය ලබාගැනීමට තමාට අවශ්‍ය නැතැයි ද අසාධාරණයට එරෙහිව තමා ක්‍රියා කරන්නේ යැයි ද ජනක රත්නායක මහතා සඳහන් කළේය.

විදුලි බිල ඉහළ නංවන්නට තමා කිසිම විටක ඉඩ තබන්නේ නැතැය ිද ඔහු කීවේය. ඒ මහතා මෙසේද කීවේය.

“මේ ගොල්ලෝ මහජන උපයෝගිතා කොමිසම ඉවත් කිරීමට උත්සාහ දැරුවත් ඒක ලේසියෙන් කරන්න බැහැ. ඒ වැඩේට අවුරුදු දෙකක් විතර කල්යයි.”
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment