කිරින්ද විහාරයේ පිළිසකර කිරීම අන්‍යාගමික විරෝධයෙන් නවතී

464

කිරින්ද විහාරමහා දේවි රජමහා විහාරස්ථානයට අයත් භූමියෙහි පිහිටි වතුර රැඳෙන ස්ථානයක් බැකෝ යන්ත‍්‍රයක් යොදාගෙන පිළිසකර කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි අන්‍ය ආගමිකයන් හතළිහක පමණ පිරිසක් එම ස්ථානයට පැමිණ ඊට විරෝධය දැක්වීම හේතුවෙන් එම පිළිසකර කිරීමේ කටයුතු පෙරේදා (12 දා) තාවකාලිකව නතර කිරීමට විහාරාධිපති හිමියන්ට සිදුවිය.

කිරින්ද පූජා නගර සැලස්මට අනුව විහාරස්ථානයට නිශ්චිත භූමි ප‍්‍රමාණයක් මැන ඔප්පු ලබාදී නොමැති පසුබිමක පසුගිය ජනවාරි 01 දින ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයෙහි පැවැති ආගමික උත්සවයක් අතරතුර කිරින්ද විහාරමහා දේවි රාජමහා විහාරස්ථානයට විහාර භූමි ආශ‍්‍රිත ප‍්‍රදේශයෙන් අක්කර 13 ක් සඳහා ඔප්පුවක් ප‍්‍රදානය කෙරිණි.

එම ඔප්පුවට අදාළ භූමිය මායිම් මෙතෙක් මැන සලකුණු කර නොමැති අතර ඔප්පුවට අදාළ භූමියේ පිහිටි වතුර රැුෙ`දන ස්ථානයක පවතින ඇළ මාර්ගයක් බැකෝ යන්ත‍්‍රයක් යොදා ගෙන සකස් කිරීම විහාරාධිපති යටගල විනීත හිමියන් කටයුතු කරමින් සිටියදී මෙම විරෝධතාව එල්ලවිය.

එහිදී එම විරෝධතාවයට එක්ව සිටි අන්‍ය ආගමිකයන් ප‍්‍රකාශ කළේ වේල්ලක් ආකාරයේ බැම්මක් යොදා ඇළ මාර්ගය සකස් කිරීම තුළින් වැසි කාලයට ගම්මානයේ සිට පහළට ගලා බසිනා වැහි ජලය මුහුදට ගලා යෑමට මෙම ඇළ මාර්ගයේ ඉදිකෙරෙන වේල්ල අවහිරයක් වන බවයි.

එහිදී එම ස්ථානයට පැමිණි කිරින්ද පොලිස් ස්ථානාධිපති පො.ප. නිශාන්ත ගමගේ දෙපාර්ශ්වය සමග කරුණු සාකච්ඡා කර ඉදිරි දිනයකදී රාජ්‍ය නිලධාරින් සමග සාකච්ඡාවක් පවත්වා පන්සලට අයත් ඉඩම වෙන්කර මායිම් ලකුණු කිරීමට කටයුතු කරන බවට ප‍්‍රකාශ කළහ. පවත්වනු ලබන එම සාකච්ඡාව සඳහා ගැටලුවලට මුහුණපා දී ඇති සියලු පාර්ශ්වයන් කැ`දවීමට කටයුතු කරන බවටත් ප‍්‍රකාශ කළහ.

පසුව විහාරාධිපති හිමියන් විසින් බැකෝ යන්ත‍්‍රය යොදා සිදු කරන ලද වැඩ අතරමඟ නතර කිරීමෙන් ගැටුම සමතයකට පත්විය.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment