කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල නැංවීමේ තීරණය අද

200

කිරිපිටි, ගෘහස්ථ ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩ මිල ඉහළ දැමීම සම්බන්ධව අද (27දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල  රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතය.

ඉකුත් සිකුරාදා අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ ජීවන වියදම් කමිටු රැුස්වීමේදී ආනයනකරුවන් සමගද සාකච්ඡුා කළ අතර, බඩුමිල වැඩි කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන අද ප‍්‍රකාශයට පත්කරන බව එහිදී සඳහන් කර තිබුණි. දැනට රට තුළ ඩොලර් අර්බුදයක් පවතින අතර පිටරටින් ගෙන්වන භාණ්ඩ සඳහා ගෙවීම් කරගත නොහැකිව ආනයනකරුවෝ මහත් අපහසුතාවට පත්ව සිටිති. ලෝක වෙළෙඳපොළේ කිරි ආහාර, ගෘහස්ථ ගෑස් සහ සිමෙන්ති මිල බෙහෙවින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ. ඒ අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 200කින්ද, ග‍්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 78 කින්ද වැඩිකරන ලෙසත්, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50 කින් වැඩිකරන ලෙස සහ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තවත් රුපියල් 262 කින් වැඩිකරන ලෙසත් ආනයනකරුවෝ ඉල්ලා සිටිති.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment