කිරිපිටි, තිරිගු පිටි, ගෑස් සිමෙන්ති මිල වැඩි වීම අද?

151

කිරිපිටි, ගෑස් සිමෙන්ති මිල වැඩි වීම අද? කිරිපිටි, තිරිගු පිටි, ගෘහස්ථ ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩ මිල ඉහළ දැමීම සම්බන්ධව අද (27දා* පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිතය.
පසුගිය සිකුරාදා අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන මහත්වරු සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ ජීවන වියදම් කමිටු රැුස්වීමේදී ආනයනකරුවන් සමග ද සාකච්ඡුා කළ අතර බඩුමිල වැඩි කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන අද දිනය තුළ ප‍්‍රකාශයට පත්කරන බව එහිදී සඳහන් කර තිබුණි.
දැනට රට තුළ ඩොලර් අර්බුදයක් පවත්නා අතර පිට රටින් ගෙන්වන භාණ්ඩ සඳහා ගෙවීම් කරගත නොහැකිව ආනයනකරුවෝ මහත් අපහසුතාවයට පත්ව සිටිති.

ලෝක වෙළෙඳපොලේ කිරි ආහාර ගෘහස්ථ ගෑස් සහ සිමෙන්ති මිල බෙහෙවින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ. ඒ අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 200කින්ද ග‍්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 78කින්ද වැඩිකරන ලෙසත් සිමෙන්තිද කොට්ටයක මිල රුපියල් 50කින් වැඩිකරන ලෙසත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තවත් රුපියල් 262කින් වැඩිකරන ලෙසත් ආනයනකරුවෝ ඉල්ලා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment