කිරිපිටි නෑ… අරක්කු ඕනෑතරම් ඉමදුව කෙහෙල්ඇවරිය මන්ත‍්‍රී සභාව මැද විරෝධතාවක

375

කිරි පිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රට තුළ නොමැති වුවත් වයින් ස්ටෝර්ස් විවෘතව තැබීම නිසා ඕනෑතරම් අරක්කු ඇති බව පවසමින් ඊයේ (21) පැවැති ඉමදුව ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජාතික නිදහස් පෙරමුණ මන්ත‍්‍රීවරයෙකු බෝනික්කෙකු, හිස් කිරි බෝතලයක් සහ අරක්කු බෝතලයක් රැුගෙන පැමිණීම නිසා සභාව උණුසුම් විය.

කුඩා දරුවන්ට ලබා දීමට කිරි පිටි නොමැති වුවත් වයින් ස්ටෝර්ස් විවෘතව තැබීමට මෙසේ විරෝධය දැක්වුයේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ (කෙසෙල් ඇවරිය* ඒ.ජී. අරුණ මන්ත‍්‍රීවරයාය.

ඉමදුව ප‍්‍රාදේශීය සභාව එහි සභාපති ඒ.වී. සරත් කුමාර මහතාගේ (ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ* ප‍්‍රධානත්වයෙන් ඉමදුව ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවනාගාරයේ දී රැස්විය.

මෙහි දී සභාව ආරම්භ වී විනාඩි 15 කින් පමණ සභාවට පැමිණි එක්සත් ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ මන්ත‍්‍රී ඒ.ජී. අරුණ මහතා කෘතිමව සකසා ගත් කුඩා දරුවා හ`ඩන බවත් ඔහු නළවා ගැනීම සදහා කිරිපිටි ලබා දෙන ලෙසත් ඉල්ලමින් හිස් කිරි බෝතලයක් සභාපති ඒ.වී සරත් කුමාර මහතා වෙත දිගු කළේය. අදාළ හිස් බෝතලය ලබාගත් සභාපතිවරයා එය ඉවත් කරමින් කියා සිටියේ සභාවේ වැදගත් සාකච්ඡාවක් සිදුවන නිසා පිස්සු වැඩ නොකර අසුන් ගන්නා ලෙසයි. කෙසේ නමුත් අනිත් මන්ත‍්‍රීවරුන් අසලටත් ගිය අරුණ මන්ත‍්‍රීවරයා සිය දරුවා හ`ඩන බවත් කිරි සොයා දෙන ලෙසත් ඉල්ලීම් කරමින් සභාවේ ඒ මේ අත යන්නට විය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් මේ ස`දහා විරෝධය පල කරමින් කියා සිටියේ මෙම මන්ත‍්‍රීවරයාගේ හැසිරීම දිගින් දිගටම සභාවට නොසුදුසු ආකාරයෙන් සිදුවන නිසා වහාම ඒ පිළිබ`දව තීරණයක් ගත යුතු බවත්ය.

මේ අතර ඒ.ජී අරුණ මන්ත‍්‍රීවරයා කිරි පිටි නැති වුණාට අරක්කු නම් ඕනෑතරම් ඇති බව කියමින් ගල් අරක්කු බෝතලයක් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුට පෙන්වීමත් සමඟින් සභාව එකම ගාලගෝට්ටියක් විය.

ගාල්ල එස්.කේ.කළුආරච්චි, ලලිත් චාමින්ද, හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment