කිරිපිටි පැකට් එකක් පෙන්නා පහළොස්දාහක් අරන් පැනලා

393

මේ පුද්ගලයා කළුතර ප‍්‍රදේශයේ පදිංචිව සිටින අයෙකි. එදාවේල සොයාගන්නේ ඔහුටම ආවේනික ක‍්‍රමයකට අනුවය.

 මොහු ඊයේ පෙරේදා දිනක කළුතර නාගොඩ රෝහල අවට සැරිසැරුවේ ග‍්‍රෑම් 400 කිරි පැකට්ටුවක් ්ද සිලි උරයක දමා ගෙනය.

 දහවල් දොළහ වන තුරු ඔහු රෝහල් ගේට්ටුව ළ`ගට වී සිටියේ රෝගීන් බලන වේලාව එළඹෙන තුරුය.

 කිරි පැකට්ටුවක් අතින් ගෙන ඔහු වාට්ටුවකට ගියේ රෝගීන් බලන පිරිස සමගිනි.

 ‘‘මිස්…. කුමාරි මිස් ඉන්නවද’’ වාට්ටුවේ හෙද නිලධාරිනියක අසලට ගිය මේ පුද්ගලයා විමසීය.

 කුමාරි මිස් අද එන්නේ නයිට් එකට හෙද නිලධාරිනිය කියා සිටියාය.

 කමක් නෑ මිස් ඒ මිස්ට මේ පිටි පැකට් එක දෙන්න. එයාගෙ ලොකර් එකට දාලා තියන්න. ඔහු කීවේ මිත‍්‍රශීලීවය.

 අනේ පිටි පැකට් එකක්…. අපේ පැත්ත පළාතේ කිරිපිටි නෑ. තවත් හෙදියක කීවේ ඉහවහා යන සතුටිනි.

 අපෝ මිස් කිරි පිටි පැකට් කීයක්ද ඕනෙ. ඒ කතාව ඇසු හෙදියන් කිහිප දෙනකුම එතැනට එක්වූයේ කිරිපිටි හි`ගය ඒ තරමට ප‍්‍රශ්නයක්ව ඇති නිසාය.

 මට කිලෝවේ පැකට් තුනක් ඕනේ. අහවල් කිරිපිටි වලින් පැකට් දෙක තුන ආදී වශයෙන් ඕඩර් ලැබිණි. නම් ලයිස්තුවකට අනුව ඊට අවශ්‍ය මුදල්ද ලැබණි.

 රුපියල් දහ පහළොස් දහස් එකතු කරගත් මේ පුද්ගලයා පැය භාගයෙන් එන බව පවසා වාට්ටුවෙන් පිටතට ගියේ මිටින්හල කුරුල්ලෙකු පරිද්දෙනි.

 කිරිපිටි පැකට් ද මුදල් ද නැති වූ හෙදියෝ එක්ව මේ කතාව පත්තරේට කීවේ දුක්මුසු ස්වරයෙනි.

 -පේ‍්‍රම්-

advertistmentadvertistment
advertistmentadvertistment