කිරිපිටි පෙට්ටිවල සඟවා මෙරටට අයිස් ඇද්ද ව්‍යාපාරිකයා රේගු දැලේ

227

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකහමාරක් මෙරටට රැගෙන ආ ශ‍්‍රී ලාංකිකයකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගේ ගමන් බෑගයක කිරිපිටි පෙට්ටිවල සඟවා තිබූ රුපියල් මිලියන 30කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට රේගු නිලධාරීන්ට හැකිවූ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

මෙසේ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචි හතළිස්තුන් හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශල සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිත බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment