කිරිපිටි මිල පහළට කිලෝ එක රු. 200 කින් ග්‍රෑම් 400 රු. 80 කින් අඩු වෙයි

491

ලබන සඳුදා (27 දා) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට තීරණය කර ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩු කිරීමට පියවර ගන්නා බව කිරිපිටි ආනයනකරුවෝ සඳහන් කරති.

ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් වලට සාපේක්ෂව මෙලෙස ආනයනික කිරිපිටි මිල පහත දැමීමට පියවර ගත් බව ද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment