කිරිපිටි මිල යළිත් ඉහළට

183

වෙළෙඳපොළේ ආනයනික කිරිපිටිවල මිල ගණන් යළිත් ඉහළ නැග තිබේ. ඒ අනුව ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1240 ක් බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි මිල ගණන් මීට පෙර පැවතුණේ රුපියල් 1160 ත් 1180 ත් අතර මිල ගණන් යටතේය.සමාජ ආරක්ෂක බද්ද හේතුවෙන් මෙලෙස කිරිපිටි මිල ඉහළ නැග ඇතැයි එම සංගමය කියයි.

මේ අනුව කිරිපිටි මිල රුපියල් 100 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment