කිරිපිටි මිල වැඩි කරන්න සමාගම් පහක් ඉල්ලයි

427

ලෝක වෙළෙඳ පොළෙහි කිරිපිටි මිල ඉහළ යෑමත් සමග දේශීය කිරිපිටි මිල ඉහළ නැංවීමට අදාළව සාකච්ඡුාවක් සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා මෙරට ප‍්‍රධානතම කිරිපිටි සමාගම් පහක් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙත පෙරේදා (16 දා* ලිපියක් මගින් දැනුම් දී ඇත.
 
පසුගිය මාස 4 ක කාලය තුළ ලෝක වෙළෙඳ පොළෙහි කිරිපිටි මිල සියයට 32 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ඉන් තමන් දැඩි අර්බුධකාරී තත්ත්වයට පත්ව සිටින බවද එම ලිපියෙහි සඳහන් කර තිබේ.
 
දේශීය කිරිපිටි අවශ්‍යතාවයෙන් සියයට 80ක්ම ආනයනික කිරිපිටි මත රඳා පවතින බවත් ඉන් සියයට 65ක්ම දියර කිරි පරිභෝජනය සඳහා භාවිතා කරන බවත් ඔවුන් සඳහන් කරයි. පවතින කොවිඞ් වසංගතය හමුවේ සෞඛ්‍ය නිර්දේශ මත කිරිපිටි ආනයනය කිරීමට ඉහළම දායකත්වයක් දක්වන අතර තම සමාගම් රජයේ ඉල්ලීම මත දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමටද කටයුතු කරන බවද පවසති.
 
 මේ අනුව තම කර්මාන්ත වෙත මතුව ඇති ගැටලූ පිළිබඳව විසඳුමක් ලබාගැනීම සඳහා මෙම සාකච්ඡුාවෙන් අවස්ථාව උදාකරගත හැකි බවද එම සමාගම් සිය ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment