කිරිපිටි හිඟයට හේතුවත් ඩොලර් අර්බුදය: කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි

86

කිරිපිටි මිලට ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැති නිසා බැංකු හරහා ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීම කිරිපිටි හිඟයට ප‍්‍රධාන හේතුව බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක අශෝක බණ්ඩාර මහතා ‘දිවයින’ට පැවසීය.

එමෙන්ම නැව්වල ප‍්‍රමාදය සහ ගුදම් ගාස්තු ඉහළ යෑමද කිරිපිටි හිඟයට හේතුවක් බවත් අශෝක බණ්ඩාර මහතා කියා සිටියේය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී කිරිපිටි මිල සංශෝධනය කරන විට ලෝක වෙළෙඳපොළේ කිරිපිටි පැවැති මිලට වඩා මේ වන විට සියයට 12කින් පමණ මිල ඉහළ ගොස් ඇති බවද ඒ මහතා සඳහන් කළේය. පවතින කිරිපිටි හිඟය තවත් මාස දෙකක් පමණ පවතිනු ඇති බවත් අශෝක බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment