කිරිබත්ගොඩ ජංගම දුරකථන අලෙවිසලක් ගිනි ගනී: පාඩුව කෝටි 3කට අධිකයි

432

කිරිබත්ගොඩ තිලකවර්ධන සාප්පුවට අයත් කාර් පාර්ක් එක ඉදිරිපිට පිහිටි ජංගම දුරකථන අලෙවි සැලක පෙරේදා රාති‍්‍රයේ හටගත් මහා ගින්නකින් එම වෙළෙඳසැලට රුපියල් කෝටි තුනකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය කියයි.

පෙරේදා රාතී‍්‍රයේ විදුලිය කපා පසුව යළිත් විදුලිය කි‍්‍රයාත්මක වූ මොහොතේ මෙම ගින්න හටගෙන ඇත.

විදුලිය කාන්දු වීමකින් මෙම ගින්න ඇති වී ඇති බවට සැකයක් පහළ වී ඇතත් ගින්න පිළිබඳව පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

ගින්න හටගත් මොහොතේ ගම්පහ ගිනි නිවන හමුදාව සහ කිරිබත්ගොඩ පොලිසිය ඇතුළු කිරිබත්ගොඩ ඊරියවැටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ මෙම ගින්න මැඬ පැවැත්වීමට කි‍්‍රයා කර ඇත.

මෙම ගින්න පැතිරි යෑම වැළැක්වීමට කි‍්‍රයා කර ඇතත් සිදුවූ පාඩුව ස්ථිර වශයෙන්ම මෙතෙක් ගණන් බලා නැත. මේ අතර මෙම ගින්න හටගත් ගොඩනැඟිල්ලේ පිහිටි තවත් වෙළෙඳසැලකට හානි සිදුවී ඇති බව පොලිසිය කියයි.

නෝමන් පලිවඩන

advertistmentadvertistment
advertistmentadvertistment