කිරිමැටියානේ බුදු පුතකුගෙන් ආදර්ශවත් ගොවිපළක්

1063

රසායනික පොහොර භාවිතය මෙරටින් වහා තුරන් කර කාබනික පොහොර යොදා සියලූම වගා කටයුතු කිරීමට රජය ගෙන ඇති පියවර පැසැසුමට ලක්කරමින් තමා නේවාසිකව වැඩවෙසෙන බෞද්ධ විහාරස්ථානයට අයත් භූමි භාගයත් ඒ අසලම පිහිටි වසර

 ගණනාවක සිට පුරන්වූ කුඹුරු යායක් කාබනික පොහොර යොදා වගා කටයුතු කරමින් කාගේත් නෙත් සිත් ඇද බැඳ ගන්නා අන්දමේ ගොවිපළක් පවත්වා ගෙන යන පූජ්‍ය ගතාරේ සුමිත්ත හිමියන්ගේ කි‍්‍රයාව ගමටත් රටටත් ඉතා උතුම් ආදර්ශයක් බව නොකියා බැරිය.

 කිරිමැටියාන දීපාරාම මහා විහාරස්ථානාධිපති පූජ්‍ය කිරිමැටියානේ පඤ්ඤාකිත්ති නාහිමියන්ගේ අනුශාසනා සහ උපදෙස්වලට අවනතව එම විහාරවාසී හිමිනමක් ලෙස උන්වහන්සේ කරගෙන යන වගා කටයුතු සේම දහම් කටයුතුද දායක සභාවේ පැසසුමට හේතුවී ඇත.

 ඉවත දමන වීදුරු හා ප්ලාස්ටික් කැබලි හැර අන් සියලූම දේ ගොඩ ගසා මිශ‍්‍රකර අවශ්‍ය නම් ගොම පොහොර වැනි දේද ඊට එක්කොට ඉස්තරම් අන්දමින් කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකි බව පෙන්වා දෙන ගතාරේ සුමිත්ත හිමියෝ ග්ලිරිසීඩියා ශාකය අවශ්‍ය තරම් වැවෙන අපේ රටේ අවශ්‍ය තරම් පොහොරට යොදාගත හැකි වීම සම්පතක් වන නමුත් අපේ ගොවි ජනතාව කාබනික පොහොර නිෂ්පාදනය හා වගා කටයුතු සඳහා ඒවා යෙදීමට නොදැනීම අපේම විනාශයට හේතුවී ඇති බව කීහ.

කිරිමැටියාන -ඇන්ටනි රෝස්

advertistmentadvertistment
advertistmentadvertistment