කිරි කර්මාන්තය නංවන්න ඇමරිකාවෙන් ඩොලර්  මිලියන 27ක ව්‍යාපෘතියක්

220

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 27කින් දායක වන ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (13දා) ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මියගේ සහභාගීත්වයෙන් සිදු විය.

මේ ඇමෙරිකානු ඩොලර් මිලියන 27ක දායකත්වය මගින් මෙරට කිරි කර්මාන්තයේ නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට දායක වනු ඇතැයි මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය සඳහන් කළාය.

මේ අවස්ථාවේ අන්කවරදාකටත් වඩා වැදගත් වී ඇති කරුණක් වන තරගකාරීවීමට වර්ධනයවීමට සහ දියුණු වීමට අවශ්‍ය කරන සම්පත්වලින් ශ්‍රී ලාංකික කිරි ගොවීන් සන්නද්ධ කිරීමත් මේ සමග සිදුවන බවද චංග් මහත්මිය තවදුරටත් සඳහන් කළාය.

ඇමෙරිකාවේ කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත දෙපාර්තනේතුව අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළ අතර මෙම ව්‍යාපෘතිය අවසානයේ ශ්‍රී ලාංකිකයන් 80,000ක් පමණ ප්‍රතිලාභ ලබාගනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment