කිරි ගොවීන්ට යන එන මං නැතිවෙයි… අපි රටටම කිරි දෙන්නම් හරකුන්ට කන්න තෘණ භූමියක් වෙන් කරලා දෙන්න!

333

ගව ගාල අසල පැවැත්වූ මාධ්‍ය හමුව

අවශේෂ ඉඩම් කීපයක් හඳුනාගෙන තෘණ භූමියකට සැළසුම් සකස් කරනවා

– ත‍්‍රිකුණාමලය දිසාපති සමන් දර්ශන පාඬිකෝරළ

කන්තලේ සීනි කම්හල් භූමිය ඉඩම් කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට


වසා දමා ඇති අක්කර 22000ක් වූ කන්තලේ සීනි කම්හල් භූමිය තුළ දැනට සිදු වන අනවසර ඉඩම් අල්ලා ගැනීම නිසා එන මාස් කන්නයේ දී තමන් ගේ කිරි කර්මාන්තය මහා අනතුරකට පත්වන බවත් කිරි ගවයින්ගේ අවශ්‍යතාවයන්ට අඩුම වශයෙන් අක්කර 5000ක පමණ භූමි ප‍්‍රමාණයක් තමන්ට ලබා දෙන ලෙසත් කන්තලේ කිරි ගොවි සුරක්ෂිතය රජයෙන් ඉල්ලා සිටී.

කිරි ගොවීන්ට යන එන මං නැතිවෙයි... අපි රටටම කිරි දෙන්නම් හරකුන්ට කන්න තෘණ භූමියක් වෙන් කරලා දෙන්න!
කිරි ගොවි සුරක්ෂිතයේ කැඳවුම්කරු ඉන්දික

මේවන විට කන්තලේ ප‍්‍රදේශයේ එළ ගවයින් හා මී ගවයින් ලක්ෂයක් පමණ සිටින අතර විශාල පිරිසක් මෙම කර්මාන්තයෙන් යැපෙති. කිරි ගොවි සුරක්ෂිතය විසින් පෙරේදා (20දා) කන්තලේ සීනි කම්හල් පරිශ‍්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙලෙස සඳහන් කළේ එම සංවිධානයේ කැඳවුම්කරු ඉන්දික පරණවිතාන මහතාය. එහිදී පරණවිතාන මහතා මෙසේද පැවසීය. ‘‘පශු සම්පත් අමාත්‍යාංශය කිරි ගවයින් 3700 ක් ගෙන්වන්න සූදානම් වෙනවා. කන්තලේ විතරක් කිරි ගන්න පුළුවන් කිරි ගවයින් ලක්ෂයක් පමණ ඉන්නවා. ඒවා මේ අමාත්‍යාංශ නිලධාරීන් දන්නේ නැහැ. හරක් ගේන්න අවශ්‍ය නෑ.

අපේ කිරි ගව සම්පතට අවශ්‍ය සම්පත් ලබාදීලා කිරි ගොවියන් ගේ අඩුපාඩු හොයාබලා ඔවුන්ව දිරි ගන්වනවා නම් ඔවුන් රටට අවශ්‍ය කිරි ලබාදේවි. කොළඹ සිට කන්තලේට යන්න බැරි නිලධාරීන් කොළඹ සිට විශේෂ ගුවන් යානා මගින් විදේශ ගතවී කිරි ගවයින් ගෙන ඒම මොන විහිළුවක්ද? අපේ කිරි ගොවීන් මාසිකව කිරි ලීටර් ලක්ෂ දෙකක් පමණ රජයට සපයනවා. මේ ප‍්‍රශ්නය විසඳීමට අක්කර 27000 කින් සමන්විත වූ මේ සීනි කර්මාන්ත ශාලා භූමියෙන් අක්කර 5000 ක් වෙන් කර දෙන මෙන් වගකිවයුත්තන් ගෙන් ඉල්ලා සිටිනවා.’’ මේ පිළිබදව ත‍්‍රිකුණාමලය දිසාපති සමන් දර්ශන පාඬිකෝරළ මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම මෙසේ කියා සිටියේය.

‘‘මේ ප‍්‍රශ්නය ගැන බොහෝම වැදගත් ඉල්ලීම් සහිත ලිපි, යෝජනා මට ලැබිලා තියෙනවා. මේ පිළිබඳව අප බොහෝ විට සාකච්ඡුා කර තිබෙනවා. මේවන විටත් අවශේෂ ඉඩම් කීපයක් හඳුනාගෙන තිබෙනවා. ඉදිරියේ දී තෘණ භූමියක් සකසා දීමට සුදුසු වැඩ පිළිවෙළක් සඳහා සැළසුම් සකස් කරමින් සිටිනවා.”

කන්තලේ ඩබ්.එම්. වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment