කිරි තේ කෝප්පයක මිලත් ඉහළ යයි

708


කිරි පිටි මිල වැඩිවීමත් සමග කිරි තේ එකක මිල ද රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.ඒ අනුව කිරි තේ කෝප්පයක මිල රුපියල් 100 දක්වා ඉහළ යනු ඇත.

කිරිපිටි මිල ඉහළ යෑම සහ තේ මිල තව ද දුරටත් ඉහළ යාම යන කරුණු පිළිබඳව අවධානය යොමු කර මෙම වැඩිකිරීම කළ බවත් කිරිපිටි මිල මෙම තත්වයේම පැවතිය හොත් වසරක් දක්වා නැවත මිල ඉහළ නොදමන බවත් අසේල සම්පත් මහතා සඳහන් කළේය.කිරි තේ එකක් මීට පෙර රුපියල් 80 ක්ව පැවතුණි.

advertistmentadvertistment
advertistmentadvertistment