කිරි තේ මුහුදේ මස්කට් නැව් – නැව්

282

විවිධ දොස්තර මහත්වරුන් විසින් ද විද්‍යාත්මක අනාවැකි පළ කරන පර්යේෂකයන් විසින් ද අපට කියා දී ඇති ආකාරයට මේ වනවිට තිබෙන්නේ 2019 දෙසැම්බරයේදී චීනයේ වූහාන් නගරයෙන් පහළ වූ කොවිඞ් 19 නමැති තනි වෛරසය නොවේ. එය විවිධ රටවලට පැතිර ගොස් විවිධ ජනයා මරාගෙන කා විවිධාකාරයෙන් දෙගුණ තෙගුණ වී අලූත් ප‍්‍රභේදවලට කැඞී තිබේ. එසේ ෙඡ්දනය වුණු ප‍්‍රභේද මේ වනවිට ග‍්‍රීක හෝඩියේ අකුරුවල අනුපිළිවෙළට නම් කොට ඇත.

ඒ අනුව ඇල්ෆා යනුවෙන් ද බීටා යනුවෙන් ද ඩෙල්ටා යනුවෙන් ද ගැමා යනුවෙන් ද ප‍්‍රධාන ප‍්‍රභේද හතරක් නම් කෙරී ඇත. ග‍්‍රීක හෝඩියේ ඊළඟ අකුර වන එප්සයිලන් නමින් ද කොරෝනා ප‍්‍රභේදයක් ඊළඟ නැවෙන් ගෙන්වීමට නියමිත බව දැනගන්නට තිබේ. එකම ප‍්‍රමාදය එකී භාණ්ඩය තවමත් නිෂ්පාදන තත්ත්වයේ පැවතීමය. ඉහත කී කොරෝනා ප‍්‍රභේද හතරෙන් තවත් විකෘතීන් රාශියක් බිහිවීමට ඉඩ ඇති අතර එප්සයිලන් ප‍්‍රභේදය ද අනාගතයේදී එම සිංදුවම අප ඉදිරිපිට ගායනා කරනවා ඇත. මේ අනුව ඉදිරියේදී කොරෝනා ප‍්‍රභේද පන්සීයක් පමණ ඇතිවේ යැයි උපකල්පනය කරමු.
වැදගත් ම කතාව එය නොවේ. දැනට තිබෙන කොරෝනා ප‍්‍රභේද සමූහයට ද ඉදිරියේදී බිහිවීමට තිබෙන කොරෝනා ප‍්‍රභේද පන්සීයට ද මතු සංසාරයේදී බිහිවීමට නියමිත කොරෝනා ප‍්‍රභේද දෙතුන් දහසකට ද යෝග්‍ය හා ලෙඬේ නිට්ටාවටම සුව වන බව සහතික කෙරෙන ඖෂධ සමූහයක් දැනටමත් බිහිවී ඇත. ශ‍්‍රී ලංකාවේ නම් ධම්මික පැණිය, ඒලියන්ත වයිට් ගේ වතුර මුට්ටිය ඇතුළු ප‍්‍රතිකාර රැුසක් ගැන අපට අසන්නට ලැබිණ.
ඉන්දියාව ද මේ වනවිට කොරෝනා බෙහෙත් ජාති දෙතුන් සීයක් නිෂ්පාදනය කර තිබේ. තවත් ආසියානු රටවල් සමූහයක් මගින් නිපදවුණු කොරෝනා ප‍්‍රතිකාර තොගය දෙදහස පනී. මේ අනුව කොරෝනාව තරම් බෙහෙත් නිපදවුණු වෙනත් ලෙඩක් නැති බව අපේ හැඟීමය. ශ‍්‍රී ලංකාව මගින් මේ වෛරසය සඳහා ඉදිරිපත් කරන අලූත්ම බෙහෙත ගංජා ය.

ස්වයං ප‍්‍රතිශක්තිකරණය උදෙසා පාවිච්චි කිරීම පිණිස ගංජා නීතිගත කරන ලෙසත් කොරෝනා රෝගයේ මාරාන්තික තත්ත්වය වන නිව්මෝනියාව පාලනය කිරීම සඳහා ගංජා යොදාගත හැකි බවත් වැඩිදෙනා විසින් නමවත් අසා නැති ශ‍්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා ඇත. Cannabis Sativa යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ගංජා හෙවත් මරිජුවානා යනු ස්නායු පද්ධතියට කෙළින්ම බලපෑම් කරන ශාකයකි.
ගංජා සුරුට්ටුවක් ගැසූ විට එහි පාරිභෝගිකයා උඩින් යයි. ඔහුට පැණිරස අවශ්‍යය. වැඩි සීනි කිරි තේ අවශ්‍යය. මේ නිසා ගංජාකාරයා නිතර දකින සිහිනය වන්නේ ”කිරි තේ මුහුදේ මස්කට් නැව් නැව්” ගමන් කරන අයුරුය. ආයුර්වේදයට අනුව ගංජා ඖෂධීය ගුණයෙන් යුක්තය. මෙයට අවුරුදු දෙසීයකට පමණ පෙර මේ රටේ ආදිවාසී ජනයා දඩමස් පිසින විට අමු ගංජා කොළ ගුලියක් ඇතිලියට දැමුවේය. එසේම ආදිවාසී දරුවකුට බඬේ අමාරුවක් හැදුන විට ඔහුගේ කටට ගංජා කොළ ගුලියක් ඔබන ලදී. ආදිවාසී හෙවත් වැදී ජනතාව ගැන පර්යේෂණ පැවැත්වූ වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල් මේ බව ඇසින් දුටු අතර සිය පොත්වල ලිවීය. එහෙත් නිසි පර්යේෂණයකින් තොරව කොරෝනාවලට ගංජා හොඳ බව කිසිවෙක් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ විට විශාල සමාජ අර්බුදයක් හටගැනීමට ඉඩ තිබේ.
කොරෝනා මෙල්ල කිරීම සඳහා අරක්කු පානය කළ යුතු බවට මතයක් ගිය අවුරුද්දේ මැද හරියේදී පැතිර ගියේය. එයට හේතු වූයේ සැනිටයිසර් ලෙස අප දැනට පරිහරණය කරන විෂබීජනාශක ද්‍රාවණය ඇල්කොහොල්වලින් නිපදවා තිබීමය. අරක්කුවල ප‍්‍රධාන සංඝටකය වන්නේ ද ඇල්කොහොල් ය. මේ නිසා අරක්කුවලට වසඟව සිටින බේබද්දෝ අරක්කු බිවූ විට කොරෝනා විෂබීජය ගසාගෙන යන බව ස්වකීය බිරින්දෑවරුන්ට කීහ. ඊළඟට සිදු වූයේ අරක්කුවල ඊළඟ ස්ටේජ් එක කසිප්පු වන බැවින් ඒවා පානය කළ විට ද කොරෝනා විෂ බීජය ගසාගෙන යන බවය. සැබවි. කසිප්පු පානය කළ විට කොරෝනා විෂබීජ පමණක් නොව බොකු බඩවැල් ද ගසාගෙන යයි.
බේබද්දා සහ මත් ලෝලියා තමන් අවට ඇති ඕනෑම දෙයක් තමන්ගේ මත සංතෘප්ත කිරීමට සමත් වන්නේ ද එයට පක්ෂව කතා කරයි. මේ රටේ සිටින ගංජා ලෝලීන් ලක්ෂ ගණනක් නිතරම කල්පනා කරන්නේ පොලිසියෙන් බේරී ගංජා සුරුට්ටුවක් ගසන්නේ කෙසේද යන්නය. රෝගවලට ප‍්‍රතිශක්තිකරණයක් වශයෙන් ගංජා හෙවත් ත‍්‍රයිලෝක විජයෝත්පත‍්‍රම් (මෙය එහි සංස්කෘත නමය.) සුදුසු බව කීමෙන් සමස්ත ලංකා ගංජා උරන්නන්ගේ සංගමයේ සිටින මිලියනයකට වැඩි සාමාජිකයන් තමන්ට කොවිඞ් 19 වැලඳෙනවාට සතුටුවනවා ඇත. (මෙය මනඃකල්පිත සංගමයකි.)

ගංජා ශාකය වාණිජ්‍ය වැවිල්ලක් වශයෙන් වගාකොට රට පැටවීමේ අදහසක් අවුරුදු කිහිපයක පටන්ම ශ‍්‍රී ලංකාව තුළ සාකච්ඡා වෙමින් පවතී. සාමාන්‍යයෙන් ඉන්දියානු ආයුර්වේද ඖෂධ සහ චීනය, වියට්නාමය සහ කාම්බෝජය යන රටවල පාරම්පරික ඖෂධ සඳහා ගංජා අවශ්‍ය ය. ගංජා නීත්‍යානුකූල වාණිජ්‍ය වැවිල්ලක් සේ ව්‍යාප්ත කරන්නේ නම් සහ එය පිටරට යවා විදේශ විනිමය උපදවා ගැනීමට හැකි නම් එයට එරෙහිවීමට හයියක් අප තුළ නැත. මෙය ප‍්‍රතිශක්තීකරණ වර්ධකයක් වීම කෙසේ වෙතත් වේදනා නාශකයක් බව අපි දනිමු. පිළිකාව වැනි Terminal Illness තත්ත්වයේ අධික වේදනා ගෙනදෙන මාරාන්තික රෝග ඇති අයට ගෙදරදී ගංජා පැළ කිහිපයක් වවා ගැනීමට යුරෝපයේ සමහර රටවල් අවසර දී ඇත. එහෙත් මෙය ප‍්‍රතිශක්තිකරණ වර්ධකයක් බව කිසිදු පර්යේෂණයකින් ඔප්පු වී නැත. එබැවින් මේ රටේ දේශපාලන පක්ෂ කටට එන සියලූ දේ කතා නොකර අවශ්‍ය හරිය පමණක් පිටතට දමා සෙස්ස ගිල දැමීම වැදගත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment