කිරි ලීටර් 1800 ක් රැගත් වාහනය වවුනියාවේදී අනතුරක: මාර්ගය පුරා කිරි දෝරෙ ගලයි

299

කිරි ලීටර් 1800 ක් රැගෙන ගමන් කළ වාහනයක් වවුනියාව නෙඩුන්කේණී, ඔට්ටිසුඩාන් මාර්ගයේදී අනතුරට ලක්වීමෙන් මාර්ගය පුරාම කිරි දෝර ගලමින් තිබෙනු පෙරේදා (30 දා) දක්නට ලැබුණි.

කිරි රැගෙන ගිය වාහනය ඔට්ටුසුඩාන් සම්මලම් වැව අසලදී යුද හමුදා ට්‍රක් රථයක ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබූ අතර කිරි රැගත් වාහනයේ රියදුරුද අනතුර හේතුවෙන් තුවාල ලබා නෙඩුන්කේණී රෝහලට ඇතුළත් කොට තිබේ.

යුද හමුදා ට්‍රක් රථයකට පිටුපසින් ගමන් කළ කිරි රැගත් වාහනය හමුදා ට්‍රක් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වූ අතර වාහනයේ තිබූ කිරි තොගයම මහපාරට වැටී මහා මාර්ගයේ ගලා යන්නට පටන් ගෙන තිබේ.

ඔට්ටිසුඩාන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment