කිරීටක ධමනි අවහිරතාවට බයිපාස් සැත්කම් වෙනුවට ආයුර්වේදයෙන් ඖෂධ ප්‍රතිකාර

537

වර්තමානයේ අප බොහෝදෙනා ගත කරන්නේ අවිවේකී ජීවන රටාවකි. මෙම ජීවන රටාව නිසා හෘද රෝග, අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග, අක්මා රෝග ආදියට ගොදුරුවීම වසංගත රෝගවලට ගොදුරුවීම හා සමානව ඉහළ යන්නට පටන්ගෙන ඇත.

එනිසා මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් වෙත පැමිණෙන රෝගීන් සංඛ්‍යාවද වැඩිවී තිබේ.

මෙම රෝග අතරින් හෘදය වස්තුවේ කිරීටක ධමනි අවහිරවීම නිසා ඇතිවිය හැකි හෘදයාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන පිරිසද ඉහළ යෑමක් දක්නට ලැබේ. මෙහිදී බොහෝවිට ප්‍රතිකාර ලෙස බයිපාස් සැත්කම් සිදුකිරීමට බටහිර වෛද්‍ය ප්‍රතිකාරයේ නිර්දේශ කරනු ලබයි.

කිරීටක ධමනි යනු හෘදය මතුපිට දිවෙන හෘද පේශියට රුධිරය සපයන නාළ වේ. මෙම රුධිර නාළ තුළ කොලෙස්ටරෝල් බැඳී රුධිර ගමනයට අවහිර විය හැකිය. මෙවැනි අවහිරතා ඇති ස්ථානයක රුධිර කැටියක් සිරවීම නිසා රුධිර වාහිනියේ රුධිර ගමනය ක්‍ෂණිකව ඇන හිටීමෙන් හෘදයේ කොටසක් මිය යෑමටද හැකිය. හෘදයාබාධයක් ලෙස හැඳින්වෙන්නේ මෙසේ හෘදයේ කොටසකට හානි සිදුවීමය. එම හානිය සුළු හෝ විශාල විය හැකිය. මෙවැනි කිරීටක ධමනි අවහිරතා සඳහා ආයුර්වේදයේ ඇති ඖෂධ ප්‍රතිකාර මගින් සුවපත් කිරීමේ හැකියාව පවතී. නමුත් බොහෝදෙනා තුළ ඒ පිළිබඳව දැනුවත් බවක් නොමැති සහ විශ්වාසයක් නොමැතිකම නිසා බයිපාස් සැත්කම් වැනි ප්‍රතිකාර ක්‍රම සඳහා යොමුවෙති.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ හෘද රෝග සම්බන්ධව සඳහන් කර ඇත්තේ මීට වසර හාරදහසකට පමණ පෙර සිටය. ඒ බව චරක සංහිතාව, සුසෘත සංහිතාව ආදී ග්‍රන්ථවල ඇති හෘද රෝග සම්බන්ධව විග්‍රහකර ඇති ආකාරය අනුව පැහැදිලි වේ.

එහිදී හෘද රෝග ඇතිවන ආකාරය අනුව ඒවා වර්ගීකරණය කර ඇත. හෘද රෝග සඳහා බලපාන හේතු සහ ප්‍රතිකාර ක්‍රම ගැනද සඳහන් කර තිබේ.

හෘදයේ රුධිර නාළ අවහිරවීම වළක්වා ගැනීමට සහ අවහිර වූ රුධිර නාළ යළි සුවපත් කිරීම සඳහා ලබාදෙන ආයුර්වේද ඖෂධ පිළිබඳව විශ්වවිද්‍යාල මට්ටමින් පරීක්‍ෂාවට ලක් කර ඇත. ඊට අමතරව ජාත්‍යන්තර මට්ටමින්ද පරීක්‍ෂණ සිදුකර එම ඖෂධවල සාර්ථක බව තහවුරු කරගෙන තිබේ.

එනිසා හෘද රෝග සඳහා ආයුර්වේදයේ බයිපාස් වැනි සැත්කම්වලින් තොරව සුවකරන ප්‍රතිකාර ඇති බව තහවුරුවී ඇත.

බොහෝ දෙනා ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවන්නේ විවිධ ප්‍රතිකාර සඳහා යොමුවී රෝගය උත්සන්න වූ විටදීය. මෙය හෘද රෝග සම්බන්ධවද පවතී. එනිසා ආයුර්වේද ප්‍රතිකාර සඳහා ඇතැම් රෝගීන් යොමුවන විට ඔවුනගේ රුධිරගත සීනි ප්‍රමාණය ඉහළ ගොස් දියවැඩියා රෝගයට පත්වී සිටිනු දැකිය හැකිය. ඊට අමතරව අධි රුධිර පීඩනය, වකුගඩු රෝග ආදී රෝග රැසකට ගොදුරුවී සිටිති. මෙවැනි අවස්ථාවලදී හෘද රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී ඉතා සංකීර්ණ තත්ත්වයක් මතුවේ. සෙසු රෝගාබාධ පාලනය කරමින් ඒ සඳහා ප්‍රතිකාර ලබාදෙමින් හෘද රෝග සඳහා ප්‍රතිකාර කිරීමට සිදුවේ.

එනිසා කිරීටක ධමනිවල අවහිරතාවයක් ඇතිවූ මුල් අවස්ථාවේදීම ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ඖෂධ භාවිතය මගින් එම මතුව ඇති රෝග තත්ත්වය සුව කිරීම පහසුය. එසේම කෙටි කාලයක් තුළ සිදුකරන ප්‍රතිකාර මගින් රෝගය සුවපත් කළ හැකිය.

අප නිතරම උත්සාහ කළ යුත්තේ රෝගයක් ඇතිවූ විට ප්‍රතිකාර ගැනීමට නොව රෝගය ඇතිවීම වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීමටය. එහිදී අපගේ ආහාර රටාව, ජීවන රටාව, නිසි වෛද්‍ය උපදෙස් මත සකස්කර ගත යුතුය. දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග මතුවන විට ඒවා නිසිලෙස පාලනය කර ගැනීමට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. එවිට හෘද රෝග ඇතිවීමේ අවදානම වළක්වා ගත හැකිය.

හෘදයාබාධ යනු ක්‍ෂණිකව මරණය ඇති කළ හැකි රෝගයකි. එය වටහාගෙන මෙම රෝගවලින් මිදීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම සහ තම ජීවන රටාව සකස්කර ගැනීමට නිතරම උත්සාහ කළ යුතුය.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක- 077-5109862 ඇමැතිය හැකිය.

කිරීටක ධමනි අවහිරතාවට බයිපාස් සැත්කම් වෙනුවට ආයුර්වේදයෙන් ඖෂධ ප්‍රතිකාර

(B.A.M.S) කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක සහ ඇමැති උපදේශක කමිටු සාමාජික.
වෛද්‍ය සුජීව විතානගේ

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment