කිලෝමීටර් 5 ට නව ලෝක වාර්තා දෙකක්

264

කිලෝ මීටර් පහේ ධාවන තරග ඉසව්වෙන් නව ලෝක වාර්තාවන් බිහි කිරීමට ඉතියෝපියානු ක‍්‍රීඩක බෙරිහු අරෙගවි සහ එජෙගයෙහු ටයේ ක‍්‍රීඩිකාව සමත් වූහ.

 තත්පර 12.49කින් එම ඉසව්ව නිම කර අදාළ ලෝක වාර්තාව තැබීමට බෙරිහු සමත් වූ අතර එම ඉසව්වෙ ඊට පෙර ලෝක වාර්තාව වූයේ තත්පර 12.51කි. එම ඉසව්වෙ කාන්තා අංශයේ පැවැති ලෝක වාර්තාව වූ තත්පර 14.43 අභිබවා යමින් තත්පර 14.19ක් ලෙස නව ලෝක වාර්තාව පිහිටුවීමට ටයේ සමත් වූවාය. බෙරිහු ඩයමන්ඞ් ලීග් තරගාවලියේ මීටර් 5000 ශූරයා වන අතර ටයේ මීටර් 3000 ඉතියෝපියානු වාර්තාවට ද හිමිකම් කියන්නීය.

කිලෝමීටර් 5 ට නව ලෝක වාර්තා දෙකක්

බාසිලෝනා හි මෙම කිලෝමීටර් 5 තරගය පැවැති අතර කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයම එකට තරගයේ යෙදිණි.

advertistmentadvertistment
advertistmentadvertistment