කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් දෙන සහල් නැව එයි

483

කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් ජනතාවට සැපයීම සඳහා රජය ආනයනය කරන පළමු සහල් තොගය අද මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.
වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය දා තීරණය කර තිබුණි.
සතොස ආයතනය හරහා ගෙන්වා ඇති එම සහල් තොගය සමුපකාර සහ සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා අලෙවි කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment