කිලෝව 150 කින් ග‍්‍රෑම් 400 රු 60 කින් කිරිපිටි මිල නගී

83

ආනයනික කිරිපිටි මිල අද (31දා) සිට ඉහළ දැමීමට කටයුතු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක අසෝක බණ්ඩාර මහතා පැවසීය.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ 01 පැකට් එකක මිල රුපියල් 150 කින්ද, ග‍්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 60කින්ද ඉහළ යන බව ඒ මහතා ප‍්‍රකාශ කළේය.

මිල ඉහළ යෑමත් සමග කිලෝවක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1345ක්ද, ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 540ක් ද වේ.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල පසුගිය සති කිහිපය පුරාම ඉහළ යෑම නිසා මෙලෙස ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට සිදුවූ බවත් යම් හෙයකින් ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල පහළ යෑමක් සිදුවුවහොත් එහි වාසිය අනිවාර්යයෙන්ම පාරිභෝගිකයාට ලබාදෙන බවත් අසෝක බණ්ඩාර මහතා සඳහන් කළේය.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment