කිලෝ අටක දඹරන් තලගොයකු හා මැණික් හතරක් සමඟ හිටපු හමුදා සෙබළෙක් හා තවත් අයෙක් දියගමදී කොටු

334

කිලෝ අටක් පමණ බරැති රුපියල් කෝටි දෙකක් පමණ වටිනා බව කියන දඹ රන් තලගොයකු, නිල් මැණික් කැට 3 ක් සහ රුබී මැණික් කැටයක් සමග හිටපු යුද හමුදා සෙබලකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු ඊයේ (21දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.

ගාල්ල, පෝද්දල සහ කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි 37 සහ 41 වියැති පුද්ගලයන් දෙදෙනකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

උපාය දූතයකු යොදවා උප පොලිස් පරීක්‍ෂක නුවන් කෝරලගේ ඇතුළු පොලිස් කණ්ඩායම දක්ෂිණ අධිවේගී මාර්ගයේ දියගම උමං මාර්ගය අසලදී සැකකරුවන් රැුගෙන ආ දඹ රන් තලගොයා සහ නිල් මැණික් කැට තුනක් සහ රුබී මැණික් කැටයක් සමගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. නිධානයකින් ලබාගෙන ඇති බවට මෙතෙක් කළ පරීක්‍ෂණවලදී තහවුරු වූ බව පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම


 

advertistmentadvertistment
advertistmentadvertistment