කිලෝ 25ක් කඩන්න දලූ නැහැ – දවසක පඩිය 1000 දෙන්න

381

රන්ගල වතුයායේ උද්ඝෝෂණයක්

කැලේට යටවී තිබෙන වත්තෙන් රුපියල් 1000 ගෙවන්නට තේ දලූ කිලෝ විසිපහක් කඩන්නට නියෝග කිරීමට විරෝධය පළකරමින් මහනුවර දිස්ත‍්‍රික්කයේ රංගල රාජ්‍ය වතුයායේ කම්කරුවෝ උද්ඝෝෂණයක් ආරම්භ කර සිටිති.

කිලෝ 25ක් කඩන්න දලූ නැහැ - දවසක පඩිය 1000 දෙන්න

දවසට තේ දලූ කිලෝ 25ක් නොකඩන කම්කරුවන්ට රුපියල් 400ක් පමණ ගෙවන බවත් එම මුදල ජීවත්වීමට ප‍්‍රමාණවත් නොවන බවත් පවසමින් වතුකම්කරුවෝ මෙම සතිය ආරම්භයේ උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කළහ.

වත්ත ගස්වැල්වලින් වැසීගොස් තේ පඳුරු අසලට ළගාවීමට තරම් නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන අතර පෝෂණය නොමැති බැවින් තේ පඳුරුවල දලූ හීනව තිබෙන බවද කම්කරුවෝ පවසති. කලක් තිස්සේම පොහොර යොදා නැති කැලෑවෙන් යටවී ඇති තේ වත්තෙන් දවසට දලූ කිලෝ 25ක් කඩා ඉදිරිපත් කරන ලෙස පනවා තිබෙන නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා සිටින කම්කරුවෝ රජයෙන් නියමිත දිනකට රුපියල් 1000 පඩිය ගෙවන ලෙසත් ඉල්ලීම්කර සිටිති.

ඇතැම් දිනවල තේ දලූ කිලෝ දහයක්වත් නෙළා ගැනීමට අපොහොසත් බවද කම්කරුවෝ පවසති. පාසල් ගොස් ඉගෙනගත් තම දරුවන්ට රැකියාවක් ලබා ගැනීමටද වතු පාලකයන් සහාය නොදක්වන බවද කම්කරුවෝ චෝදනාකරති. අවුරුදු 60ක පමණ කාලයක් තම පවුල්වල සාමාජිකයන් මෙම වතුයායේ සේවය කරන බවත් වත්ත එළිපෙහෙළි කර දෙන ලෙස ඉල්ලා සිටින බවත් කම්කරුවෝ පවසති.

දවසට තේ දලූ කිලෝ 25 ක් කඩන නියෝගට විරෝධය පලකිරීම හා දිනක පඩිය රුපියල් 1000 ක් ගෙවන ලෙස ඉල්ලමින් මහනුවර දිස්ත‍්‍රික්කයේ රන්ගල රාජ්‍ය වතු යායේ කම්කරුවන් උද්ඝෝෂණයක යෙදී සිටින අයුරු

සිරිල් විමලසුරේන්ද්‍ර
 

advertistmentadvertistment
advertistmentadvertistment