කිලෝ 310 ක් බර ආසියාවේ රැජිනට ඩොලර් මිලියන 10 ලන්සුවක්

838

කිලෝ තුන්සීය දහයක බරින් යුත් ලොව විශාලම තනි නිල් මැණික ලෙස සැලකෙන ‘ආසියාවේ රැුජිණ’ මැණිකට මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක (කෝටි 203 කට අධික) ලංසුවක් ලැබී ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ‘දිවයින’ ට පැවසීය.

මේ වනවිට අල්ජසීරා, බීබීසී, ඒපී ආදී විදෙස් මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා එම මැණිකට පුළුල් ප‍්‍රචාරයක් ලැබී ඇතැයි ද ඒ අනුව ලොව ධනවත් රටවල ගැණුම්කරුවන්ගෙන් දුරකථන ඇමතුම් හා විමසීම් ගලා එන බවද සභාපතිවරයා කීය.

රත්නපුර බලංගොඩ ප‍්‍රදේශයේ පෞද්ගලික ඉඩමකින් හමු වී තිබෙන මෙම තනි නිල් මැණික කොරොන්ඩෝ පවුලට අයත් නිල් ගෙවුඩවලින් නිමා වී ඇති වටිනාම මැණික් යැයි ද එය ඉහළම මිලට අලෙවි කිරීමට මේ වනවිට අවශ්‍ය වැඩිපිළිවෙල සකසා ඇතැයි ද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය.

කැරට් 310 කින් සමන්විත ආසියාවේ රැුජිණ ලෙස නම් කළ මෙම තනි නිල් මැණික ජාත්‍යන්තර වෙන්දේසියකට ඉදිරිපත් කිරීමෙන් වැඩි වටිනාකමක් ලබාගත හැකි බවද ඒ මහතා කීය.

මේ වනවිට මැණික ඉතා ආරක්‍ෂිත ස්ථානයක තබා ඇත.

මැණිකේ හිමිකරු වෙත මේ වනවිටත් ඇමෙරිකානු ඩොලර් 10 ක ලංසුව ලැබී තිබුණද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය උත්සාහ කරන්නේ එයට ලොව ඉහළම මිල ලබාදීමට යැයි ද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment