කිලෝ 500ක් බර මෝටාර් බෝම්බයක් කිළිනොච්චියෙන් හමුවෙයි

613

කිලෝ ග්‍රෑම් 500කට වඩා බර අතිවිශාල ජීව මෝටාර් බෝම්බයක් කිලිනොච්චි ධර්මපුරම්, මයිල්වානාකම් ප්‍රදේශයෙන් 21 දා හමු වී තිබේ.

දිගින් අඩි පහක් පමණද, අඩි හතරක වට ප්‍රමාණයකින්ද යුත් මෙම මෝටාර් බෝම්බය ගුවන් යානාවලින් හෙළන මෝටාර් බෝම්බයක් බව ධර්මපුරම් පොලිසිය සඳහන් කරයි. මෙම බෝම්බය මෝටාර් බෝම්බයක් නොව කෆීර් වර්ගයේ ගුවන්යානා විසින් භාවිත කරනු ලබන ගුවන් බෝම්බයක් බව පොලිසිය පැවසුවද එය මෙතෙක් ආරක්ෂක අංශ විසින් තහවුරු කොට නොමැත.

දර කැපීමට ගිය පුද්ගලයකු විසින් මෙම මෝටාර් බෝම්බය දැක ඒ පිළිබඳව ධර්මපුරම් පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය ගොස් එම බෝම්බය ගොඩගෙන ඇති අතර බෝම්බයේ පස්වලට යටවූ කොටස දිරාපත් වී ඇතැයි පොලිසිය පවසයි. කැලෑබද මාර්ගයක තිබී හමුවූ මේ බෝම්බය පුපුරා යෑමට ඉඩ ඇති නිසා එය අධිකරණ නියෝගයක් ලබා ගෙන පුපුරවා හැරීමට ධර්මපුරම් පොලිසිය පියවර ගෙන ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment